විවෘත්ත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 218 සම්පූර්ණ වී ඇතත් තවමත් ගැටලු වලට නිසි විසඳුම් ලබ දීමට පාලකයන්ට නොහැකිවී ඇත. සිසු ගැටලු වලට වහා විසඳුම් ලබා දෙන ලෙස බල කිරිමටත්, ඒ පිලිබඳව මහජනතාව දැනුවත් කිරිමටත් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය. මගින් සංවිධානය කල සංකේත සත්‍යග්‍රහය අද(ජූලි 22) පේරාදෙනිය විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සන්ගමය මගින් මහනුවර නගරයේදී හා සබරගමුව විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සන්ගමය මගින් රත්නපුර නගරයේදී පැවැත්විනි.
විවෘත සරසවි මාතාවගේ සුජාත දරුවන් ලෙසින් අධ්‍යාපනයේ අසීමිත අයිතිය අනාගත පරම්පරාවක් උදෙසා රැකගැනීමේ පැහැර හැරිය නොහැකි වගකීම අපගේ උරහිස් මත පැටවී ඇත්තෙමු. ඒ වෙනුවෙන් නැගී සිටිමු. පෙළ ගැසෙමු. විවෘතය සුරකිමු.
Wednesday, July 22, 2015
Tuesday, July 21, 2015
සන්කේත සත්යග්‍රහය අද
මෙම අරගලය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කල අතර එයින් කිසිදු විසඳුමක් නොලැබුණි. විශ්වවිද්‍යාල සිසුන් මහපාරේ අරගල කිරීමට සිදුව ඇති ගැටළු සියල්ල විසදන බව බොරු පුරාජේරු කියමින් පැමිණි මෛත්‍රී-රනිල් ආණ්ඩුවද මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට කිසිදු සුදානමක් නැත. ආණ්ඩු 2කට අධ්‍යාපන ඇමති වරු 5කට පමණ විසදිමය නොහැකි වුනු ගැටලුව මුළුමනින්ම විසදන තුරු මෙමෙ අරගලය අකණ්ඩව ක්‍රියාත්මක කරන බව විවෘත විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු අමිල සඳරුවන් සහෝදරයා පවසයි.
මෙම අරගලයට සහය දක්වමින් සන්කේත සත්යග්‍රහය අද දින රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අනුරාධපුර නගරයේත් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නුගේගොඩ නගරයේත් පවත්වන ලදී.
Saturday, July 18, 2015
සත්යග්‍රහයට දින 213යි....
විවෘත
විශ්වවිද්යාලයේ අධ්යන ගාස්තු අත්තනූමතික ලෙස වැඩිකිරීමට, ශිශ්ය සන්ගම්, තහනමට හා ශිශ්ය මර්ධනයට එරෙහිවවිවෘත විශ්වවිද්යාලයීය ශිශ්ය එකමුතුව මගින් ආරම්බ කල අඛණ්ඩ සත්යග්‍රහයට අද වනවිට දින 213ක් ගතවී ඇත. නමුත් විශ්වවිද්යාලයීය පාලණාධිකාරය හා වගකිවයුතු නිලධාරීන් නෑසූකන්ව මුනිවත රැකීම නිසා අඛණ්ඩ සත්යග්‍රහය හා අරගල ක්‍රියාමාර්ග තීවෘර කිරීමට විවෘත
විශ්වවිද්යාලයීය ශිශ්ය එකමුතුව තීරනය කර තිබේ. එහිපියවරක් ලෙස අරගලයේ වර්ථමාන තත්වය විශ්වවිද්යාලයීය ශිශ්ය ප්‍රජාවට පැහැදිලි කිරීමට අත් පත්‍රිකා බෙදා හැරීමක් හා ශිෂ්ය දැනුවත් කිරීමේ විවෘත සන්වාදයක් ඊයේ දින විශ්වවිද්යාලයීය ආපනශාලා පරිශ්‍රයේදී සාර්තකව අවසන් විය.
එක්වෙමු...
සටන් වදිමු.. අවසන් ලේ බිඳුව තෙක්....
Wednesday, May 13, 2015
විවෘතයේ දැවැන්ත විරෝධතාවක්
Wednesday, February 4, 2015
අඛණ්ඩ සත්‍යග්‍රහට අදට දින 50යි
විවෘතයේ ගැටලු විසදන ලෙස පාලකයන්ට බල කරමින් විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව විසින් 2014/12/17 වන දින ආරම්භ කල සත්‍යග්‍රහයට අදට(2015/02/04) දින 50ක් ගතවී ඇතත් පාලකයින් විවෘතයේ ගැටලු පිලිබද කිසිදු තැකීමක් නොකර කල්මරමින් සිටී.පාලකයින්ගේ මෙම නිහඩතාවය ඉදිරියටත් පැවතුනහොත් විවෘත විශ්වව්ද්‍යෘලීය ශීෂ්‍ය එකමුතුව දැඩි තීරණ වලට එලෙබෙන බව පාලකයින්ට තරයේ කියා සිටන්නෙමු .
විවෘතය රැකගනිමු, එක් වෙමු, පෙලගැසෙමු, පවුරක් ලෙස.
Monday, February 2, 2015
මිටියෙන් ගසා හිස තලා සිසුන් මැරුවේ මහින්දගේ නියෝගයකට
2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකල ඝාතනයක් බව තහවුරු කල හැකි තොරතුරු හෙලිවී ඇත. එම තොරතුරු වලට අනුව මෙම සිසුන් දෙදෙනා ඝාතනය කොට ඇත්තේ හිස තද යමකට තබා හිස මතට ඝන ලෑල්ලක් හෝ තහඩුවක් වැනි යමක් තබා හිස් කබල තැලී පොඩිවී යන ලෙස ඒ මතට මිටියක් වැනි බර දෙයක් භාවිත කොට පහර දීමෙන් බව අනාවරණය වේ.
මෙම ඝාතනයේ සැලසුම් කරුවා මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කල පුද්ගලයෙක් වන අතර හමුදාවේ ඉහල නිලයක් දරන්නෙකි. එහෙත් මොහු විධිමත් හමුදා පුහුණුවක් නොලැබූ පුද්ගලෙයෙක් බවද අනාවරණයවේ.
2012 සැප්තැම්බර් 27 අළුවම 3 00 ට නැවතී සිටි තැනින් පිටත් වන විට මග රැකවල් ලා සිටි මෙම පුද්ගලයා ඇතුළු කන්ඩායම ගම්පහ කච්චේරියට මීටර් 500 පමණ දුරින් මිරිස් වත්ත හන්දිය දෙසට වෙල්යාය ආසන්නයෙදී මග හරස් කර සිසුන් අල්ලාගන ඇත. හිස තලා ඝාතනය කර පසුව නුවර පාරේ ඉඹුල්ගොඩට ගෙනත් දමා ඇත.
මෙම අපරාධයට මෙහෙයවූ පුද්ගලයාගේ මුල් ගම බෙලිත්ත වන අතර මොහු ගම වශයෙන් සදහන් කරන්නේ ඇලහැර දියබෙදුම දෙහිවත්ත ප‍්‍රදේශයවේ. කලක් මෙම පුද්ගලයා අපරාධ කරුවෙකු ලෙස සිරගතව සිටියදී මහින්ද රාජ පක්ෂ විසින් මැදිහත්ව නිදහස් කරගන මේජර් තනතුරක් ලබාදී ඇත. මහින්ද රාජපක්ෂ වගකිවයුතු. අපරාධ රැසක් සිදුකරනු ලබන්නේ මෙම පුද්ගලයා විසිනි.
එවකට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත්කර ඇති අංක b 1593/ 2012 දරණ පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඒහා බැදුණු sr/ 5719/ 2012 දරණ වාර්තාවට අනුව හිස් කබලට සිදුවූ දැඩි හානිය හේතුවෙන් සිසුන් දෙදෙනාගේ මරණෙ සිදුව අති බවයි.
මෙම සිසු ඝාතනය සම්බන්ධයෙන් සතියකට පසු පුවත්පතක පලවූ ලිපියක් පහත පලවේ.
පරස්පර කතා මැද සිසු ඝාතනය තහවුරු වන හැටී.
“උන් මැරුණ එක හොඳයි. හිටිය නං අපට කරදරයි” – 2012 නොවැම්බර් 17 – ලක්ෂ්මන් වසන්ත – මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී
”ඇක්සිඩන්ට් එක වෙනවා මම දැක්කා. එතකොට වෙලාව පාන්දර 3.10 ට විතර ඇති. මම ඉස්පිරිතාලෙට යන ගමන් හිටියේ. වේගයෙන් ආපු සුදු පාට කාර් එකක් පාර හරහා දැම්මා. මෝටර් සයිකලයේ ආපු දෙන්නා ඒකෙන් බේරෙන්න සයිකලේ දකුණට හැරෙව්වා. ඊට පස්සේ ලයිට් කණුවෙ වැදුණා.” – 2012 සැප්තැම්බර් 27 රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා.
”ගම්පහ අධිකරණය මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් සහ දුරකථන දත්ත සටහන් ලබා දෙන ලෙස නියෝගයක් දුන්නා. නමුත් එම දුරකථන සමාගම ලබා දුන්න දත්ත සටහන් සැක සහිතයි. ජානකගේ දුරකථනයේ ආසන්න දිනවල ඇමතුම් ගත්ත දත්ත සටහන් මකා දමලා. රස පරීක්ෂක වාර්තාව තවම ලැබිලා නැහැ. මේ අනතුර පිටුපසත් ඒ පිළිබඳ කෙරුණු පොලිස් පරීක්ෂණවලත් දිගටම බරපතළ පරස්පරතා මතු වුණා.” – 2013 ජනවාරි 29 – සංජීව බණ්ඩාර
‘‘ඇයි ඒක ගැන අහන්නේ? ඒ දෙන්න මැරුණා. තවම තේරුණේ නැද්ද සිද්ධ වුණේ මොකක්ද කියලා. ඕක වාහන ඇක්සිඩන්ට් එකක් නෙවෙයි. ඊට එහා දේවල් මගෙන් අහන්න එපා. ඔය නඩුවෙනුත් වැඩක් වෙන එකක් නැහැ.’’
2012 සැප්තැම්බර් 27 ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මියගිය බවට ප‍්‍රකාශ වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඊට මසකට පසු ආරක්ෂක අංශ නිලධාරියකු මෙම ලියුම්කරු සමඟ ප‍්‍රකාශ කළේය. එම අනතුර පිළිබ`ද විමසීම ඔහුට දැඩි පීඩනයක් වී තිබුණි.
එදින සිසුන් දෙදෙනා සිය නවාතැනින් පිටත් වූයේ අලූයම 3.00 ට පමණය. ඒ ගම්පහ බණ්ඩාරනායක විදුහල අබියසිනි. අනතුර දුටු තී‍්‍රවීල් රියැදුරකු පොලිසියට ඒ බව දැනුම් දී ඇත. සිද්ධිය දුටු බව කියන තී‍්‍රවීල් රියැදුරාගේ එම ප‍්‍රකාශය පරිදි සිසුන් පැමිණි යතුරු පැදිය වේගයෙන් පැමිණියේ නම්, ඔවුන් පිට වූ ස්ථානයේ සිට විනාඩි 3 ක් 4 ක් ඇතුළත සිද්ධිය වූ ස්ථානයට පැමිණිය යුතුව තිබුණි.
අලූයම 3.00 ත් 4.30 ත් අතර අනතුර සිදු වූයේ නම් පැය 1 1/2 ක කාලය තුළ තී‍්‍රවීල් රියැදුරෙක් හැර එතැන පසු කරමින් නුවර – කොළඹ මාර්ගයේ කිසිවකුත් ගමන් ගෙන නැතැයි කියන ප‍්‍රකාශය ගැටලූසහගතය. කෙසේ වෙතත් ගම්පහ පොලිසියේ නිලධාරීන් පවසනා පරිදි මෙම අනතුර පිළිබඳ දැනුම් දීම සිදු කර ඇත්තේ නාවික හමුදාවේ බව කියාගත් පුද්ගලයකු විසිනි. අනතුර වූවා යැයි කී ස්ථානයට ප‍්‍රථමයෙන් ගිය පොලිස් නිලධාරීන් පවසන්නේ දැනුම් දීම සිදු කළ නාවික හමුදා නිලධාරියා තමන්ට හමු නොවූ බවය. එමෙන්ම පොලිසිය පෙ.ව. 4.30 ට පමණ අවට වෙළෙඳසල්වලින් මළ සිරුරු දෙකක් වැසීම සඳහා ගෝනි ඉල්ලා ඇත. අවට ව්‍යාපාරික ස්ථානවල රාති‍්‍රයේ සිටි පිරිසට අනතුරක ශබ්දයක් ඇසී නැත. එම ස්ථානයේ අනතුරක් සිදු වී දෙදෙනකු මිය ගොස් ඇති බව අවට පිරිස් දැන ගන්නේ පොලිසියේ එම ප‍්‍රකාශයෙනි. මින් පැහැදිලි වන්නේ කුමන හෝ හේතුවක් මත ශිෂ්‍යයන්ගේ පිටත් වීම හා අනතුර සිදු වූ කාලය අතරතුර පැය 1 1/2 ක් තුළ කුමන හෝ සිදුවීම් පෙළක් ඇති බවය.
කෙසේ හෝ සිසුන් දෙදෙනා පැය එකහමාරක් අතුරුදන්ව සිට ඇති බව දැන් තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය මුලින් දැනුම් දුන් පුද්ගලයා එය දැනුම් දී ඇත්තේ වැරැුල්ලවත්ත පොලිස් මුරපොළට බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළත් එම අනතුරේ පණිවුඩය ලැබී ඇත්තේ ශිෂ්‍යයන් රැදී සිටි ස්ථානයට නුදුරින් වූ යක්කල ප‍්‍රදේශයේ රැදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය. ඔවුන් විසින් එය වැරැුල්ලවත්තට දැනුම් දුන් බව සොයා බැලීමක දී අපට තහවුරු විය. අලූයම 5.30 ට පමණ මළ සිරුරු දෙක ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට බාර දී ඇත.
අනතුර සිදු වූයේ කුමන ආකාරයටද යන්න නිවැරැුදිව පොලිස් පොතේ සඳහන්ව නැති අතර වේලාව ලෙස සටහන් කර ඇත්තේ ද අලූයම 5.30 ය. මෙම තත්වය තුළ ඉඹුල්ගොඩ වංගුවේ දී කොළඹ දෙසට වම් පසින් ගමන් කළ යතුරු පැදිය පාරේ පිටතින් දකුණු පස වූ පහන් කණුවක හැපුණු අතර යතුරු පැදියේ හානි වී ඇත්තේ ද දකුණු පසටය. එමෙන්ම යතුරු පැදිය වැදී ඇත්තේ පහන් කණුවේ පොළොවේ පිහිටීමට අඩියක් උසිනි. එලෙස වැදීමට පෙර යතුරු පැදිය ඒ අසල බෑවුමට පෙරළී යා යුතුව තිබුණි. එමෙන්ම යතුරු පැදිය පෙරළී ගොස් පහන් කණුවේ වැදුණේ නම්, ඊට සිදු වී තිබූ හානියට අනුව පාරේ සටහන් තිබිය යුතුය. එමෙන්ම එකවර සිසුන් දෙදෙනාගේම හිස් තැළී පොඩි වීමට තරම් යමක් ඒ අසල පිහිටා තිබී ද නැත. අනෙක් ප‍්‍රධාන කාරණය යතුරු පැදිය වැදුණේ යැයි සඳහන් පහන් කණුව අතර සහ යතුරු පැදිය වැටී තිබූ ස්ථානය අතර දුර මීටර 4 කි.
යතුරු පැදිය බිම පෙරළීවිත් ඇදී ගොස් අදාළ පහන් කණුවේ වැදුණේ නම්, සිසුන් දෙදෙනා බෑවුමේ වූ පල්ලමට විසි වී යනු මිස ඔවුන්ගේ හිස් කබල් එතරම් ප‍්‍රමාණයකින් බරපතළ ලෙසත් එක හා සමාන ලෙසත් තැළී පොඩි වීමට හේතුවක් නැත. එමෙන්ම ඔවුන් පැමිණි යතුරු පැදියට එතරම් හානියක් ගෙන එන අනතුරක් එහි සිදු වූ බවට ද අවට කිසිදු සලකුණක් නොමැත. ඒ හැපුණු බව කියන පහන් කණුවේ ද ඇත්තේ ඉතා කුඩා සලකුණකි. එය පවා මිටියකින් වැනි බර ආයුධයකින් පහර දී කුඩා කැබලිවලට කැඩූ ස්ථානයක් ලෙස දිස් වේ. එමෙන්ම මෙම අනතුර සිදු වූ මොහොතේ සිට පොලිසියට එහි මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමට අසාමාන්‍ය හදිසියක් තිබී ඇත.
ඉක්මනින් අනතුර සිදු වූ ස්ථානයේ සාක්ෂි සටහන් මකාදැමුණු අතර පෙ.ව. 9.10 ට මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණෙන විටත් සාක්ෂි සලකුණු ඉතිරි වී තිබුණේ නැත. පෙ.ව. 9.30 වන විට අදාළ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් වැලිවලින් වසා සියල්ල අවසන් කර තිබුණි. එම ස්ථානයේ සටහන්ව තිබුණු ඩිෆෙන්ඩරයක යයි සැක කළ හැකි ටයර් පාරවල් විකෘති කිරීමට කටයුතු කර තිබුණ ද එය අසාර්ථක වී තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය 28 වැනි දා රාති‍්‍රය වන තුරුත් මෙම සිදුවීම් පිළිබඳ ගම්පහ පොලිසිය නිවැරැුදි ලෙස සටහන් කර තැබීමට අසමත් විය. මෙම ප‍්‍රශ්නය මාධ්‍ය ම`ගින් ප‍්‍රශ්න කිරීම ඇරඹීමත් සමඟ පෙර වේලාවල් සඳහන් කරමින් පසුව එම අනතුර පිළිබඳ තොරතුරු සටහන් කර තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය නම්, අනතුරේ ඇතැම් ටයර් සලකුණු ගැන ඒ වෙලාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් අදහස් පළකරන විට කරන විට බුද්ධි නිලධාරීන් බවට තමන් හදුන්වා දුන් පුද්ගලයන් විසින් ඒවා වෙනත් වාහනවලින් ඇති වූ ඒවා බව ප‍්‍රකාශ කිරීමය.
මෙම තත්වය තුළ හදිසි අනතුරක් විදිහට පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත විය. මෙවැනි අවස්ථාවක දී ඝාතකයන් උත්සාහ කරන්නේ හැකි උපරිම අයුරින් මරණයට පත්වන ආකාරය අනතුරකින් සිදු වූ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමටත් අදාළ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යාමටත්ය. එම තත්වය තුළ අනතුර සිදු වන ආකාරය, එහි සලකුණු හා අවට පරිසරයේ සටහන් තාර්කික ලෙස ගොඩනැ`ගීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර එවැන්නක් කෘති‍්‍රම ලෙස නිර්මාණය කිරීමේ හැකියාවක් ද අපරාධකරුවන්ට නැත. ඒම පරස්පරතාවය ප්‍රබල ෙලස ෙමම සිද්ධිය නීරීක්ෂණ ෙයදී දක්කට ලැෙබ්.
මෙම සිසු මරණ දෙක පිළිබඳව මාස 4 කට පසු දිගහැරෙන කතාවෙන් තවත් පරස්පරතා මතු වෙමින් තිබේ. අධිකරණ නියෝගයෙන් පසු ලබා ගත් සිසිතගේ හා ජානකගේ ජංගම දුරකථන දත්ත සටහන් මකා දමා ඇත. මේ දක්වා මහෙස්ත‍්‍රාත් නියෝගයෙන් පැවැත්වුණු රස පරීක්ෂක වාර්තාව ද රස පරීක්ෂකවරයා නිකුත් කර නැත. දුරකථන දත්ත සටහන් මකා දැමීමේ දී අනතුර සිදු වීමට දින 5කට පෙර හා එය සිදු වී දින 5 ක් ගත වන තුරු එම ජංගම දුරකථනවලට ඇමතුම් ලැබුණු බවට දත්ත සටහන්ව නැත. එමෙන්ම අනතුර සිදු වන දිනයේ එම ජංගම දුරකථනවලින් කෙටි පණිවුඩ ලබා දීම හා ලබාගැනීම අවහිර කොට තිබී ඇත. එහෙත් අනතුර සිදු වන දිනයේ ඊට පැයකට පමණ පෙර රුහුණු සරසවි සිසුවකුගේ ජංගම දුරකථනයකින් ඇමතුම් ලබාගත් බවට එම ශිෂ්‍යයාගේ දුරකථන ඇමතුම් ලබාගත් තොරතුරු සටහනේ ඇත. එවැනි තොරතුරු සටහන් පත් කිහිපයකම එලෙස ජානකගේ හා සිසිතගේ ජංගම දුරකථනවලට ලබාගත් ඇමතුම් සටහන්ව තිබේ. එහෙත් මොවුන් දෙදෙනාගේ දුරකථන දෙකේ එලෙස තොරතුරු සටහන් නොවීම බරපතළ සැකසහිත තත්වයකි. එම අනතුර සිදු වූ දිනයේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පහ පොලිසිය කටයුතු කළේ සිසුන් මුහුණ දුන් අනතුර පැවැති ස්ථානයේ සාක්ෂි සටහන් මකා දැමීමටත් ඇතැම් තොරතුරු යටපත් කර දැමීමටත්ය. ලංකාවේ බොහෝ පොලිසි ඇතැම් මරණවල දී ද වෙනත් දේශපාලන සිදුවීම්වල දී ද මෙලෙස කටයුතු කරන බව ප‍්‍රසිද්ධ රහසකි.
2012 මැයි මාසයේ රගර් කී‍්‍රඩකයකු වූ වසීම් තජුඞීන් රිය අනතුරකින් මිය ගිය බවට ප‍්‍රකාශ වුව ද එම අනතුර ද සැකසහිත විය. එහෙත් නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳ විධිමත්් පරීක්ෂණ සිදු නොකළේය. එය කොළඹ කොට්ඨාසයේ පොලිස් ප‍්‍රධානියකුගේ බලපෑමෙන් සිදු වූවක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අනතුර පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවනු තබා පොලිස් පොත්වල අනතුර පිළිබඳව සඳහන් කර නොතිබූ බවට තොරතුරු තිබේ.
ජානක හා සිසිත මිය ගිය මොහොතේ එම රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා පැදවූ උඡු ූඊ 9802 දරන ති‍්‍රරෝද රථයට අයත් එම ලියාපදිංචි අංකය යතුරු පැදියකට අයත් වූවක් බවත් එහි කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇති බවටත් අධිකරණයේ දී හෙළිදරව් විය. එහෙත් ගම්පහ පොලිසිය මේ දක්වා එම සැකසහිත තී‍්‍රවීල් රියැදුරා අත්අඩංගුවට ගැනීමක් හෝ ප‍්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කර නැත. ඔහුගෙන් ප‍්‍රශ්න කළේ නම් අනතුර පිළිබඳව යම් ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් පැවතුණි. පොලිසිය එම අවස්ථාව මඟහැර යාමට පැහැදිලි හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැත. සිසිතගේ හා ජානකගේ මරණවලින් පසු කැලණිය විශ්වවිiාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරන්ජිත් බණ්ඩාරට ඉකුත් දෙසැම්බර් මාසයේ දී අලූයම 2ට පමණ නා`දුනන පුද්ගලයන් පැමිණ පහර දී හිස පොළොවේ ගැසීමට උත්සාහ දරා පලා ගොස් තිබිණි. එමෙන්ම රුහුණ විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන ශිෂ්‍යයාට ඩිෆෙන්ඩර් රථ දෙකකින් පැමිණි පිරිසක් පහර දී පැහැරගෙන යාමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබිණි. මෙම පැහැර ගැනීමට තැත් කිරීම හා මරණීය තුවාල සිදු කිරීමට දැරූ උත්සාහයන් පිළිබඳව පොලිසිවලට පැමිණිලි කර ඇතත් මේ දක්වා ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වා නැත.
එලෙස ශිෂ්‍යයන්ට පහර දීම හා මරා දැමීම පිළිබඳව හා එවැනි උත්සාහ කිරීම් පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදු නොවන්නේ ඇයිද යන්න බරපතළ ගැටලූවකි. එම ගැටලූව පිටුපස ඇත්තේ ආණ්ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මත මර්දනය මුදා හැර ඇති ආකාරය මිස අන් කවරක්ද?
ෙමම මරණ පිළිබඳව කරුණු විමසීම හෝ පොලිස් පරීක්ෂණ පැවැත්වීමට බලකිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් ලෙස පෙනෙන්නට තිබේ. එළඹෙන නිමේෂයේ මිය යන්නේ කුමන සරසවියේ කොයි ශිෂ්‍යයාද යන්න හරස් පද ප‍්‍රහේලිකා පිරවිය නොහැකිය. ශිෂ්‍ය ව්‍යාපාරය මත මුදා හැර ඇති ආණ්ඩුවේ මර්දනය එතරම්ම සියුම් ලෙස කි‍්‍රයාත්මකව පවතී. දුරකථන බිල්පත්වල දත්ත සටහන් මකාදැමීමත් සිදු වූයේ යැයි කියන අනතුර හා පහර දීම් පිළිබඳව පොලිසිය විධිමත් පරීක්ෂණ සිදු නොකිරීමත් හා රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් නොකිරීමත් ආණ්ඩුව මුලින් ආරම්භ කළ ශිෂ්‍ය මර්දනයේ දිගුවක් ලෙස හඳුනාගත හැකිය. එහෙත් එම මර්දනයේ මිලිටරිමය හැඩය හ`දුනා ගැනීමට නොහැකිය. ඊට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරය මත කුමන්ත‍්‍රණික ලෙස මර්දනය දියත් කර තිබීම බව පැහැදිලිය.
සිසු ඝාතනෙය් උත්තර නැති ප්‍රශ්ණ
01. සිසුන් මුහුණ දුන් අනතුර සිදු වීමට පෙර රාති‍්‍රයේ ඔවුන් හඹා ආ යතුරු පැදිකරුවන් කවුද? ඒ පිළිබඳ පැමිණිල්ල ගම්පහ පොලිසිය මේ දක්වා විසින් විමර්ශනයක් නොකළේ් ඇයි?
02. සිසුන් නැවතී සිටි ස්ථානයට ආසන්නව රැුකවල්ලා සිටි බව කියන ඩිෆෙන්ඩර් රථ 02 හා යතුරු පැදිවලට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?
03. අනතුර ගැන යක්කල පොලිස් මුරපළට දැනුම් දුන් නාවික නිලධාරියා කවුද? එම දැනුම් දීම ගැන ගම්පහ පොලිසියේ හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ අතර පැවති පරස්පරතාව කුමක්ද?
04. අනතුර ගැන දැනුම් දුන්නේ යැයි කියන තී‍්‍රවීල් රියැදුරා සිද්ධිය දැක එය දැනුම් දීමට පැය 1 1/2 ක කාලයක් ප‍්‍රමාද වූයේ ඇයි?
05. එස්.අයි. රවීන්ද්‍ර පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් අදාළ ස්ථානයේ මිනීමැරුමක් සිදු වී තිබෙන බවට අලූයම 4.30 ට පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් පණිවුඩයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද?
06. ශිෂ්‍යයන් අත තිබූ ජංගම දුරකථන දෙකට සිදු වූයේ කුමක්ද?
07. අනතුර පිළිබඳ පොලිසිය සටහන් තැබීමට පැයක් ප‍්‍රමාද වූයේ ඇයි? ඔවුන්ගේ නිරීක්ෂණ එදින මධ්‍යම රාති‍්‍රය වනතුරුත් පොලිස් පොත්වල සටහන් නොකළේ ඇයි?
08. එස්.බී. ඇමැතිවරයා මෙම මරණ සැක සහිත බව ප‍්‍රකාශ කළේ කුමන පදනමකින්ද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම මරණ පරීක්ෂණ සිදු වීමට දිනකටත් පෙර මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණ බව ප‍්‍රකාශ කිරීමට ඔහුට තිබූ සාධක මොනවාද?
09. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇලවූ පෝස්ටර් ඉරා දැමීමට පොලිසිය කටයුතු කළේ ඇයි?
10. ‘‘මිය ගොස් ඇත්තේ සංජීව බණ්ඩාර’’ යනුවෙන් පොලිසිය ප‍්‍රකාශ කළ බවට ප‍්‍රදේශයේ පැතිර යන කටකතාවේ පදනම කුමක්ද?
11. අනතුර සිදු වූ ස්ථානයේ එතරම් බරපතළ තුවාල සිදු වී තිබියදීත් ලේ සටහන් නොතිබුණේ ඇයි?
12. අනතුර සිදු වූ ස්ථානයේ ටයර් සටහන්, ඇතැම් සලකුණු හා ලේ පැල්ලම් මකාදැමීමට පොලිසියට තිබූ හදිසිය කුමක්ද? ශිෂ්‍යයන් හැපුණු පහන් කණුවේ කැඞී ගිය කොටස් ඉවත් කළේ ඇයි?
13. ශිෂ්‍යයන් නවාතැනින් පිටත් වුණු කාලය හා ඊට නොදුරු අනතුර සිදු වූ ස්ථානය අතර වූ පැය 1 1/2 ක කාලය තුළ ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන් වී සිටීමට හේතුව කුමක්ද?
14. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පුන පුනා ප‍්‍රකාශ කළ පරිදි මෙය හදිසි අනතුරක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ඒ අසල ර`දවා සිටියේ ඇයි?
15. අනතුර සිදු වූ ස්ථානයේ අලූයම 4.00 ට පමණ නවතා තිබූ හමුදා ජීප් රියට පැවරුණු රාජකාරිය කුමක්ද?
ධනූ රාමවික්‍රම
මෛත්‍රි ආණ්ඩුව පාසැල් තුළ මුදල් අය කිරීම නිත්‍යනුකූල කරයි
පසුගිය ජනවාරි 28 වන දින, එනම් තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. චක්‍රලේඛ අංක 05/2015 ලෙස සඳහන් මෙය සියලුම පළාත්,කලාප හා කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත්,සියලුම් විදුහල්පතිවරුන්ටත් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ " පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම කිරීම" නමිනි. මීට පෙර සිටම අධ්‍යාපන ඇමතිවරයා පාසල්වල සිදුකරන "අනවශ්‍ය"මුදල් අයකිරීම නවතන බව මාධ්‍යයන්ට සඳහන් කර තිබුණි. ඒ මොහොතේද අපි "අනවශ්‍ය" යන විශේෂනය කුමක්ද? එසේ නම් "අවශ්‍ය" මුදල් අයකර ගැනීම ගැටළුවක් නොවේද යන ප්‍රශ්න්ය මතු කරන ලදී. කෙසේ නමුත් පාසල්වල මුදල් අයකිරීම නැවැත්වීමේ ලේබලයෙන් ගෙන ආ මෙම චක්රලේඛය හරහා 1947 දී නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමෙන් පසු පළමුවරට ලංකාවෙ පාසැල් තුළ සිසුන්ගෙන් ගාස්තු අයකිරීම නීතිගත කර ඇත.
ඒ සඳහා මෙහි සඳහන් ප්‍රතිපාදන් පහත පරිදි වේ.
01) මෙහි 01 සහ 02 වගන්ති වලින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පසුගිය කාලය පාසල්වල් විවිධ හේතු දක්වමින් සිසුන්ගෙන් මුදල් අයකළ බව හා එය සාමාන්‍යකරනය කර ඇති බවත් සඳහන් කර ඇත. එමෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුව සිසුන්ගේන් හෝ දෙමාපියන්ගෙන් එවැනි මුදල් අයකිරීම් සපුරා තහනම් කරන බවද, එසේ මුදල් අයකළහොත් අඳාළ පුද්ගලයින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත. මතුපිටින් බලන්නෙකුට මේ සැරසෙන්නේ පසුගිය කාලයේම විවිධ හේතු දක්වමින් පාසල් තුළ මුදල් අයකිරීම් හරහා සිසුන්ට හා දෙමාපියන්ට සිදුවූ පීඩනය නවරජයෙන් අහෝසි කිරීමට බවට වැරදි වැටහීමක් වුවත් ඇතිවීමට ඉඩතිබේ.
02) 03,04 වැනි වගන්ති වලිනුත් එවැනිම වටයක් ගසා අඳාල කරුණ වෙත පැමිනෙන්නේ 05 වැනි වගන්තියෙනි.
”05,
5.1, 5.2”
ආණ්ඩුව මේ හැරෙන්නේ කුමටදැයි වැටහෙන්නේ එවිටය. මේ අනුව මෙතෙක් නීතිගත කර තිබූ අනුමත පහසුකම් හා සේවා ගාස්තු වලට අමතරව ” පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට” ද මුදල් අයකළ හැකිබව සඳහන් කර තිබේ. මෙම ‘අනවශ්‍ය වියදම්‘ වලට උදාහරණ ලෙස දක්වා තිබෙන්නේ විදුලිබිල, දුරකථන බිල්, සහ ආරක්ෂක වියදම්ය. මේ අනුව පාසැලේ විදුලි බිල, මුරකරුවන්ට ගෙවන වැටුප පවා සිසුන්ගෙන් අයකරගැනීම නීතිගත කර ඇත. ඒ අනුව මෙතෙක් නිතියක් නොමැතිව පසුගිය කාලයේ පාසල් වලින් සිදුකළ මුදල් අයකිරිම නව ආණ්ඩුවේ ”ඊනියා රාජ්‍ය ප‍්‍රතිපත්තිය ” අනුව නීතියේ ලෙසටම කිරීමට බලය ලබා දී ඇත.
03) 06 වැනි වගන්තියෙන් පාසලේ ”අනවශ්‍ය වියදම්” පියවාගැනීමට මුදල් අයකරගන්නා ආකාරය සඳහන් කර ඇත. පළමුවෙන්ම පාසැල්වල වියදම් ඇස්තමේන්තු සැසීම, ඉන්පසු රජයෙන් වෙන්කරන මුදල් පුරෝකථනය කර වියදම් සඳහා තවදුරටත් අවශ්‍ය මුදල ගනනය කිරීම(රජයෙන් අවශ්‍ය මුදල් ප‍්‍රමාණය ඉදිරියට ලබ නොදෙන බව පිලිගෙන ඇත.) එම මුදල් ප‍්‍රමාණය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකු සඳහා මුදල ගනනය කිරීම හ එය අධ්‍යාපන අමාත්‍යාංශයට යවා අනුමත කරගෙන නිල වශයෙන්ම මුදල් අයකර ගැනීමට සරල ගණිත ක‍්‍රම ඔස්සේ උපදෙස් දී ඇත. මෙහි හරය නම් සියළු සිසුන් පාසලට ඉදිරියේද පෙර ලෙසම හෝ ඊට වැඩියෙන් ගාස්තු ගෙවිය යුතු බවයි.
04) 07 වැනි වගන්තියේදී (ii) කොටසේ දක්වා ඇත්තෙ මෙම ”ඊනියා නිත්‍යානුකූල ගාස්තු” ගෙවීමට අපහසු සිසුන් ඇත්නම් ඒවා නොගෙවා සිටීමටනම් ග‍්‍රාම සේවක සහතිකයක් ගෙනැවිත් ඉදිරිපත් කළ යුතු බවයි.
05) ඉතිරි වගන්ති තුළින් සිසුන්ට බිල් කඩන ආකාරයත්, එහිදී ලබාදිය යුතු බිල් වර්ගවල ආකාරයත් ආදිය දක්වා ඇත.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මඟින් පෙර නොවූ විරූ පරිදි අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අඩු කරමින් ක‍්‍රමාණුකූලව පාසල් තුළ සිසුන්ගෙන් මුදල් අය කිරීමට නොනිල අවසරයක් ලබාදෙන ලදී. එය මේ වන විට ගුරුවරුන්ට වැටුප් ගෙවීම හැර පාසලේ සියලූම කටයුතු වල (ඩෙස් බංකු සෑදීම, ගොඩනැගිලි සෑදීම , බිත්ති වල තීන්ත ගෑම ආරක්ෂක වියදම්, බිල් ගෙවීම, උත්සව පැවැත්වීම ) වියදම සිසුන් හා දෙමාපියන් මත පටවා ඇත. ඒ හරහා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කර තිබේ. පාසලට මුදල් ගෙවීමට සිසුන්ට හොරකමේ යන්නට සිදුවීම උදාහරනයකි. අඩු ආදායම් මට්ටම් වල සිටින බහුතරයක් ජනතාව සහිත රටක නිදහස් අධ්‍යාපනය සුරකින බව සඳහන් කරන පාලකයන්ගේ මෙම උත්සහය නින්දාසහගතය ආරක්ෂාව සඳහා යැයි කියමින් තවමත් අධිකව මුදලක් අයවැයෙන් වෙන් කරන රටක පාසල් වල මුරකරුවන්ට වැටුප් ගෙවීමට බාරවී ඇත්තේ දෙමාපියන්ටයි.
මෙම තත්වය වෙනස් කිරීමට පාසල් වල මුදල් අය කිරීම නැවැත්වීමට බව සඳහන් කරමින් ගෙන එන මෙම චක්රලේඛය හරහා පසුගිය කාලයේ සිදුකල එම නොනිල ක‍්‍රියාවලිය නීතිගත කර ඇත. ජනතාව රවටාඅ ඇත. අධ්‍යාපනයට දල දේශීය නිශ්පාදනයෙන් 6%ක් වෙන් කරන බවට පාරම්භාන ආණ්ඩුවට එසේ ප‍්‍රතිපාදන වැඩි කරයි නම් මෙසේ මුදල් අය කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලි කල යුතුය. 6%ක් වෙන් කිරීමේ සත්‍ය අසත්‍යභාවය අප තේරුම් ගත යුත්තේ මෙසේය. මෙම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මනාව හෙලිදරව් කරන්නකි. එබැවින් ඉතිහාසයේ පළමුවරට සිදුකල මෙම ක‍්‍රියාවලියට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සියළු බලවේගවල එකතුවෙන් අරගල කල යුතුය
විවෘත විශ්වවිද්‍යාලයේ සිසු ඉල්ලිම් වලට වහා විසදුම් ලබා දෙනු
විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලු විසදීමට බලකරමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව (OUSU) පසුගිය දෙසැම්බර් 17 වන දින අඛන්ඩ සත්‍යග්‍රහයක් නාවල ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අරම්භකරන ලදි. එම සත්‍යග්‍රහයට අද (31) වනවිට දින 46ක් ගතවී ඇති නමුත් මෙතෙක් කිසිදු විසදුමක් ලබාදී නොමැත. ඒ වෙනුවෙන් පරිපාලනයට බල කරමිනි දැවැන්ත උද්ගෝෂණයක් නාවල විවෘත විශ්ව විද්‍යාලය ඉදිරි පිටදී අද(31) පැවැත්විනි. මෙම උද්ගෝෂණයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයද එක් විය.
Saturday, January 31, 2015
විවෘතය විරෝධතාවය අවසන් වෙයි.
විවෘතයේ ගැටලු කඩනමින් විසදන ලෙස පාලකයන්ට බල කරෙන දැවැන්ත විරෝධතාවය අද දිනයේ සාර්ථකව අවසන් වෙයි.
Monday, December 15, 2014
අසාර්ථක සන්දර්ශනයක නිමාව
විවෘතයේ තවත් එක් අසාර්තක සන්දර්ශනයක් අද දින නිමාවට පත් විය.... විවෘත සරසවිය මුදලට උපාධි විකුනන තවත් එක් උපාධි කඩයක් බවට පත් කිරීමට පාලකයන් ගෙන යන වැඩපිලිවෙල මෙසේ අද දින ආරම්බ කිරීමට උත්සහ ගත් නමුත් එම අසාර්තක වෑයම ඇස් පනාපිටම පුස්සක් බවට පත් වීම සතුටට කාරනයකි. නමුත් පාලකයන් එම වැඩපිලිවෙල කිසිසේත්ම හකුලා ගැනාමට අකමැති බව නොරහසකි... එහෙයින් පාලකයන් විවිද වේශයන්ගේ මුවාවෙන් එම වැඩපිලිවෙල අප ඉදිරියට දමනු ඇත. නමුදු සිසුන්ගේ බලය හමුවේ ඒ සියලු බලවේගයන් හකුලා ගැනීමට ඔවුනට සිදුවනු ඇත. සමස්ත සිසු ප්‍රජවගේම ශක්තිය, බලය යොදා විවෘත මාතාව සුරකීමට කාලයයි මේ.....
Monday, September 1, 2014
අයිතීන් දිනාගැනීම වෙනුවෙන් විවෘතයේ සිසුන් සටනේ
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති විජිත නානායක්කාර ඇතුලු පාලනාධිකාරිය විසින් දිගින් දිගටම සිදුකර ගෙනයන ශිෂ්‍ය මර්ධනය, අත්තනෝමතික ලෙස ශිෂ්‍ය ගාස්තු ඉහල දැමීම හා ශිෂ්‍ය අයිතීන් කප්පාදුවට එරෙහිව ඊයෙදින (30) සංවිධානය කොට තිබු දැවැන්ත උද්ඝෝසණ ව්‍යාපාරය විශාල ශිෂ්‍ය සහභාගිත්වයකින් ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
ඒ සදහා සහභාගී වූ ඔබටත්, නන් අයුරින් සයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය......
Tuesday, August 26, 2014
විවෘත විශ්වවිද්‍යාලය බහිරව සංස්කෘතියක් කරා
ගතවුණු වසර එකහමාර තුළ විවෘත විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපිට විෂය බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදීම උපකුලපතිවරයා සම්පූර්ණයෙන්ම තහනම් කළා. ගිය වසරේ පාඨමාලා ගාස්තු 40%කින් වැඩි කළා. මේ වසරේ සමස්තයක් විදිහට හැම පාඨමාලාවක්ම ගාස්තු 80%කින් ඉහළ යවලා. මේ වගේ තත්ත්වයක අපි ඉගෙන ගන්නේ හුඟාක් අමාරුවෙන්. අපිට වෙන අසාධාරණකම්වලට විරෝධතාවක් දක්වන්න පරිපාලනය ඉඩදෙන්නේ නැහැ. ගිය අඟහරුවාදා මේ අසාධාරණකම්වලට එරෙහිව නිහඬ විරෝධතාවක් දක්වපු අපේ ශිෂ්‍යයන් හතරදෙනකුගේ ශිෂ්‍යභාවය පරිපාලනය විසින් අහෝසි කළා.’ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයකු එහි වර්තමාන තත්වය ගැන කියූ දැෑය.
විවෘත විශ්වවිද්‍යාලය
1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දූරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ අභිලාෂයෙනි. ආරම්භයේ සිටම ගුණාත්මක සහ සුවිශිෂ්ට අධ්‍යාපනයකට මාර්ගය සැපයූ විවෘත විශ්වවිද්‍යාලය 2009 වර්ෂය වනවිට මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින් 04 වන ස්ථානය තරම් ඉහළ තත්ත්වයක පසුවිය. සිසුන් 38,000කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන පීඨ 04ක් සහ දිවයින පුරා විසිරී පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන 21කට අධික සංඛ්‍යාවකින් යුත් විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සහ පරිපාලන ගුණාත්මකභාවයට මෑතක සිට අත්ව ඇත්තේ එතරම් සුබවාදී තත්ත්වයක් නම් නොවේ.
විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර 2011 වර්ෂය අවසාන භාගයේදී සිය ධුරයේ වැඩභාරගැනීමෙන් පසු ගතවූ වසර 02ක පමණ කාලය තුළ විවෘත විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල 09 වන ස්ථානය දක්වා පහළට ඇද වැටුණි.
විවෘත විශ්වවිද්‍යාලයට අත්ව ඇති මේ ඉරණම පසුපස ඇති තත්ත්වය සමාලෝචනය කරනු ලැබුවහොත් එහිලා හේතුවූ මූලික අර්බුද කිහිපයක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමට එහි පරිපාලනය දරන උත්සාහයයි. දෙවැන්න විශ්වවිද්‍යාලයේ පරමාර්ථයන් අතික‍්‍රමණය කරමින් එහි පාඨමාලා සඳහා අයකරන ගාස්තු 80%කින් ඉහළ නැංවීමට පරිපාලනය කටයුතු කර තිබීමයි. තුන්වැන්න විශ්වවිද්‍යාලය සතු දේපළ කිසිදු වගවිභාගයකින් තොරව පිටස්තර ආයතනවලට කුලියට දීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ඇති හැකියාවයි. සිව්වැනි සහ වඩාත්ම බරපතළ ගැටලූව වනුයේ විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයා සෙසු ආචාර්යවරුන්ගේ අදහස් සැලකිල්ලට නොගන්නා ඒකාධිපතියෙකුගේ තත්ත්වයට පත්ව තිබීමයි.
ශිෂ්‍ය දේශපාලනය තහනම්
2011 වර්ෂයේ උපකුලපතිවරයා විවෘත විශ්වවිද්‍යාල පරිපාලය සියතට ගනුයේ සැමට අධ්‍යාපනය ලබාදීමේ පරමාර්ථය පසෙකලා පෞද්ගලික විශ්වවිද්‍යාල සමග තරග කිරීමේ පරමාර්ථයෙනි. එහි පළමු පියවර වනුයේ විවෘත විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය තහනම් වීමයි. එතෙක් බොහෝ සෙයින් සක‍්‍රියව පැවැති විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය 2012 වසරේ පෙබරවාරි 14 වන දිනයෙන් අවසන් වේ. එතැන් පටන් මේ දක්වා මහා ශිෂ්‍ය සංගමය නැවත ස්ථාපනය කිරීමේ උත්සාහයන්ට විශ්වවිද්‍යාල පරිපාලනය බාධා පමුණුවමින් සිටී.
මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය අවසන්වූ දින සිට දින 30ක් ඇතුළත නිලවරණයක් පවත්වමින් ඒ සඳහා නව ශිෂ්‍ය නියෝජිතයන් තෝරා ගතයුතු වුවද ඒ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලබාදිය යුතු අනුමැතිය මෙතෙක් හිමිව නොමැත. ශිෂ්‍යයන් මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරුන්ගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය උපකුලපතිවරයාගේ තීරණයකි යන්න පමණි. සිය තීරණය පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයන් හෝ මහා ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ධුරය හොබවන ආචාර්යවරයා හෝ දැනුවත් කරන්නට උපකුලපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැත.
මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය අවසන්වූ දින සිට දින 30ක් ඇතුළත නිලවරණයක් පවත්වමින් ඒ සඳහා නව ශිෂ්‍ය නියෝජිතයන් තෝරා ගතයුතු වුවද ඒ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලබාදිය යුතු අනුමැතිය මෙතෙක් හිමිව නොමැත. ශිෂ්‍යයන් මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරුන්ගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය උපකුලපතිවරයාගේ තීරණයකි යන්න පමණි. සිය තීරණය පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයන් හෝ මහා ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ධුරය හොබවන ආචාර්යවරයා හෝ දැනුවත් කරන්නට උපකුලපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැත.
විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් එකට එක්වී සිය අධ්‍යාපන කටයුතුවල යෙදීම, දේශන ශාලාවල දොර විවෘත කරගැනීම, කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කිරීම, නේවාසිකාගාරවල රැුඳී සිටීම වැනි කරුණු පවා පංති තහනමකට ලක්වීමට හේතුවන කරුණු බවට පත්ව ඇත. ‘විශ්වවිද්‍යාලය ඇතුළෙ අපිට පාඩම් කරන්න තැනක් නැහැ. 38,000ක් අධ්‍යාපනය ලබන මෙතන පුස්තකාලය තුළට යන්න පුළුවන් ශිෂ්‍යයන් 250කට විතරයි. අපිට පාඩම් කරන්න ඉඩ පහසුකම් නැති නිසා අපේ වියදමින්ම මේස ටිකක් හදාගත්තා. ඒවා පරිපාලනයේ අය ඇවිත් කඩලා බිඳලා දැම්මා, විශ්වවිද්‍යාලයේ අලංකාරය නැතිවෙනවා මේ මේසවලින් කියලා.’
දැඩි නීති
සවස 5 සිට පසුදා උදෑසන 7 දක්වා කාලය තුළ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ රැුඳීසිටීම ‘නීති විරෝධී’ කි‍්‍රයාවක් කොට ඇත. ශිෂ්‍යයන් සවස 5ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වීම අනිවාර්ය වේ. අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් පුස්තකාලය තුළ නොමැති අවස්ථාවක වුව අධ්‍යාපන කටයුතු සඳහා දේශන ශාලා විවෘත කරගැනීමට නම් පීඨාධිපතිවරුන් දැනුවත් කර ඒ හරහා උපකුලපතිවරයාගෙන් අවසර ගැනීමද අනිවාර්ය වී ඇත. මේ වනවිට විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩාංගණය තුළ කී‍්‍රඩා කිරීම තහනම් කි‍්‍රයාවකි. යම් ශිෂ්‍යයෙකු කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩාකිරීම විශ්වවිද්‍යාලය තුළ අවිනීත ලෙස හැසිරීම නම් වරද යටතට ගැනෙන කි‍්‍රයාවකි.
සෑම අධ්‍යයන වර්ෂයක් පුරාම දිවයිනේ නොයෙක් දෙසින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගනුයේ විශ්වවිද්‍යාලය විසින්ම සපයන නේවාසිකාගාර පහසුකම්ද ප‍්‍රයෝජනයට ගනිමිනි. එහෙත් මේ වසරේ සිට එම තත්ත්වයද වෙසකට ලක්ව ඇත. පරිපාලනයේ නව නීතිවලට අනුව ශිෂ්‍යයෙකුට විවෘත විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැුඳී සිටීමට හැකිවන්නේ වසරකට උපරිම දින 30ක් පමණි. ඒ සඳහා පරිපාලනය විසින් දින 30ක් ලකුණු කරන ලද කාඞ්පතක් නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් වෙත ලබාදී ඇත. මෙවැනි පසුබිමක දුරබැහැර ප‍්‍රදේශවල සිට පැමිණෙන, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාපේක්ෂව ඉහළ මිල ගණන් අය කරන පෞද්ගලික නවාතැන් සොයා යෑමට සිදුව ඇත.
කලාව තහනම්
වසර 33කට අධික කාලයක සිට විවෘත විශ්වවිද්‍යාලය තුළ පැවති සංස්කෘතික සංදර්ශන, කලා කටයුතු සහ ආගමික උත්සව 2012 වසරේ සිට තහනමට ලක්වන්නේ උපකුලපතිවරයාගේ නියමයෙනි. මෙම උත්සව සංවිධානය කරලීම සඳහා මූලිකත්වය ගනු ලබන සිසුන් ආයතනයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කරනුයේ විශ්වවිද්‍යාලයේ නීතිරීති උල්ලංඝනය කළ වරදකරුවන් ලෙස හඳුන්වා දෙමිනි.
පරිපාලනය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ අදහස්, යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කළ හැකි පීඨ සභා රැුස්වීම්වලට සහභාගිවීමට ශිෂ්‍යයන්ට අවස්ථාව අහුරා දැමීමට විශ්විවද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල පීඨ සභා රැුස්වීමක අනිවාර්යයෙන් නියෝජනය විය යුතු ඒකක අතුරින් ශිෂ්‍ය නියෝජිතයන් යනු ප‍්‍රධානම ඒකකයකි. පීඨ සභාවක් රැුස්වෙමින් ගනු ලබන තීන්දු තීරණයන් ශිෂ්‍යයන්ට බලපාන ආකාරය පිළිබඳ ශිෂ්‍ය නියෝජිතයන්ගේ අදහස් විමසීම එහිදී සිදුවේ. එහෙත් ගතවූ වසර දෙකකට අධික කාලය පුරාවටම විවෘත විශ්වවිද්‍යාලයෙහි රැුස්වූ කිසිදු පීඨ සභා රැුස්වීමකට ශිෂ්‍ය නියෝජිතයන් සහභාගි නොවූයේ පරිපාලනය විසින් ගෙනයන ශිෂ්‍ය මර්දනය නිසාය. ඒ අනුව මෙතෙක් රැුස්වූ පීඨ සභාවන් සහ ඒවා මගින් ගනු ලැබූ තීන්දු තීරණ කි‍්‍රයාත්මකවීමද පාර්ශ්වික සහ නීති විරෝධී කටයුත්තකි.
උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීම් සහ පංති තහනම්වලට ලක්කිරීම් සිදුකරයි. එහිදී උපකුලපතිවරයාගේ කි‍්‍රයාකාරීත්වය බලධාරියෙකු විසින් ශිෂ්‍යයෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ගයන් කි‍්‍රයාත්මක කළ යුතු කි‍්‍රයාපටිපාටිය පවා උල්ලංඝනය කරන ආකාරයේ එකකි. විශ්වවිද්‍යාලයේ නීති කඩකිරීමක් පිළිබඳ ශිෂ්‍යයෙකු කිසියම් චෝදනාවකට ලක්වූ සැණින් සිදුවනුයේ අදාළ ශිෂ්‍යයාගේ දෙමව්පියන් වෙත ලිපියක් යවමින් ඔවුන් විශ්විවද්‍යාලය වෙත ගෙන්වීමයි. ඒ හරහා එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ බලපෑම හරහා මර්දනය කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා අතර දින නියමයකින් තොරව එම ශිෂ්‍යයාට විශ්විවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කරයි. එහිදී ආචාර්ය විජිත නානායක්කාර උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සතු ස්වකීය කි‍්‍රයාකාරකම්හි නිරතවීමේ අයිතිය සහ ශිෂ්‍ය ප‍්‍රජාව සතු නිදහසේ කටයුතු කිරීමේ අයිතිය දැඩි සේ මර්දනය කර ඇත.
ගාස්තු ඉහළට
විවෘත විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකවූ අරමුණු රාශියකි. ඉතාම සාධාරණ මුදලකට අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාව ඒ අතුරින් ප‍්‍රධාන කරුණකි. ඒ නිසාම විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා පවත්වාගෙන යාමට වැයවන මුදලින් ඉතා සුළු මුදලක් පමණක් ශිෂ්‍යයන්ගෙන් අයකර ගනිමින් පාඨමාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිවැයෙන් ඉතා විශාල කොටසක් රජය විසින් දැරීම මෑතක් වනතුරුම සිදුවිය. ඊට ප‍්‍රධානම හේතුව වූයේ විවෘත විශ්වවිද්‍යාලයේ අරමුණ මුදල් ඉපයීම නොවීමයි. එහෙත් මේ වනවිට එම අරමුණ වෙනස්ව ඇත. වර්තමාන විවෘත විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ වී ඇත්තේ මුදල් ඉපයීම පමණි.
විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම පොදුවේ ගත්කල පියවර ගණනාවකින් සමන්විත එකකි. එහි පළමු සහ දෙවැනි පියවර පදනම් පාඨමාලා ලෙසත්, තුන්වැනි සහ හතරවැනි පියවර ඩිප්ලෝමා මට්ටම ලෙසත්, පස්වැනි සහ හයවැනි පියවර උපාධි මට්ටම ලෙසත් හඳුන්වාදේ. මේ එක් එක් ඒකකයක් සඳහා නිශ්චිත මුදලක් අයකරගනු ලබන අතර එම මුදල වසරින් වසර ඉතා සුළු අගයකින් ඉහළ නැංවීම සිදුවේ. මෙතෙක් පැවතුණු සම්ප‍්‍රදායට අනුව යම් වර්ෂයක අයකරගත් මුදල ඊට පෙර වර්ෂය තුළ අයකරගත් මුදලට වඩා වැඩිවන්නේ 10%කට ආසන්න ප‍්‍රමාණයකිනි. දශක 3කට අධික කාලයක් තුළ පැවත ආ මෙම සම්ප‍්‍රදාය නව උපකුලපතිවරයා විසින් වෙනස් කරනුයේ ඇතැම් පාඨමාලා ගාස්තු 150% තරම් අධික අගයන්ගෙන් ඉහළ නංවමිනි.
මෙම වසරේ පදනම් පාඨමාලා මට්ටම සඳහා ඒකකයකට අය කිරීම රුපියල් 400 සිට රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇත. මේ වැඩිවීම මුල් අයකිරීම මෙන් දෙගුණයකටද වඩා වැඩිය. ඩිප්ලෝමා පාඨමාලා මට්ටම සඳහා ඒකකයක අයකිරීම රුපියල් 500 සිට 1100 දක්වා 120%කින් ඉහළ නංවා ඇත. උපාධි පාඨමාලා මට්ටම සඳහා ඒකකයක මිල ඉහළ නැංවීම රුපියල් 1000 සිට 1200 දක්වා 20% වශයෙන් වේ.
ඉංජිනේරු තාක්ෂණ විෂය සඳහා 2013/2014 අධ්‍යයනය වර්ෂය තුළ පළමු සහ දෙවැනි පාඨමාලා හැදෑරීමට අයකරනු ලැබූ මුදල 14,400 කි. එහෙත් 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා අයකරගැනීම රුපියල් 36,000කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා හැදෑරීමට අයකරගනු ලැබූ මුදල රුපියල් 22,500කි. එය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 49,500 කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ පස්වැනි සහ හයවැනි පාඨමාලා හැදෑරීමට අයකර ඇති මුදල රුපියල් 45,000කි. මෙම අගය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 54,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
ස්වාභාවික විද්‍යා පීඨයේ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂය තුළ අයකරනු ලැබූ මුදල රුපියල් 29,592කි. එය 2013/2014 අධ්‍යයන වර්ෂය වනවිට රුපියල් 39,600 දක්වා ඉහළ නංවා ඇත.
මෙම පාඨමාලා ගාස්තුවලට අමතරව ශිෂ්‍යයන්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද අයකර ගන්නා අතර එය ආසන්න වශයෙන් රුපියල් 2,000ක මුදලකි. මෙම සියලූ පාඨමාලා ගාස්තු තීරණය කිරීමත් ඒවා කි‍්‍රයාවට නැංවීමත් සිදුවන්නේ හුදෙක් උපකුලපතිවරයාගේ රුචිඅරුචිකම්වලට අනුවය. එම නිසා ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදේ.
අවම අයදුම් කිරීම්
විශ්වවිද්‍යාලයේ ඇතැම් පාඨමාලාවන්හි ගාස්තු ඉහළ නංවන්නට උපකුලපතිවරයා ගෙන ඇති අදූරදර්ශී පියවර නිසාවෙන් ඒ ඇතැම් පාඨමාලා සඳහා මෙවර ලැබී ඇත්තේ ඉතා සුළු අයදුම් පත‍්‍ර සංඛ්‍යාවකි. 2011 වර්ෂයේදී ඉංජිනේරු තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා අයදුම් පත‍්‍ර 6000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී එම පාඨමාලාව සඳහා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර ඇත්තේ සිසුන් 300කටත් අඩු ප‍්‍රමාණයකි.
ස්වාභාවික විද්‍යා උපාධි පාඨමාලාව සඳහා 2010 වර්ෂයේදී අයදුම්පත් 1200 – 1300ත් අතර ප‍්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී ඉදිරිපත්වූ අයදුම්පත‍්‍ර සංඛ්‍යාව 500ක් දක්වා පහත වැටී ඇත.
මීළග අධ්‍යයන වර්ෂය තුළ පාඨමාලා සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත‍්‍ර එවිය යුතු අවසන් දිනය මේ වනවිට ඉකුත්ව ගොස් ඇත. එහෙත් උපාධි පාඨමාලා සඳහා ලැබී ඇති අයදුම් පත‍්‍ර ප‍්‍රමාණය ඉතා අවම වීම නිසාවෙන් නැවතත් අයදුම් පත‍්‍ර කැඳවීමට විවෘත විශ්වවිද්‍යාල බලධාරීන්ට සිදුව ඇත. ඒ අනුව වරක් අයදුම් පත‍්‍ර කැඳවූ උපාධි පාඨමාලාවන්ට මේ වසරේ සැප්තැම්බර් මාසයේ දෙවැනි සතියේ සිට නැවතද වතාවක් අයදුම්පත‍්‍ර කැඳවීමට නියමිතය.
‘අපි මහපොළ ශිෂ්‍යාධාරලාභීන්. අපිට ලැබෙන ඒ මුදල පාඨමාලා ගාස්තුවට වැයවන මුදලෙන් අඩුවෙන විදිහටයි මේ වෙනකම් සැලසුම් කරලා තිබුණේ. ඒත් අද වෙද්දී මගේ පාඨමාලා ගාස්තුවෙන් කිසිම මුදලක් අඩුවෙලා නැහැ. ඒ ගැන අපිට අහලා බලන්නවත් වගකිවයුතු නිලධාරියෙක් විවෘත විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ නැහැ.’
මහපොළ අහිමියි
මහපොල ශිෂ්‍යාධාර අරමුදල මගින් අඩු ආදායම්ලාභී දරුවන්ට ලබාදෙන මුදල් ආධාරය විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ට විධිමත් ආකාරයට ලබාදෙනවාද යන්න සොයාබැලීම සඳහා විශ්වවිද්‍යාලය තුළ නිසි බලධාරියෙක් නොමැත. ගතවූ වසරක පමණ කාලය පුරාවට විවෘත විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය හිමිව නොමැත. ඒ පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදී ඇති පිළිතුර වන්නේ අදාළ කාරණය උපකුලපතිවරයාගෙන් අසා දැනගන්නා ලෙසයි.
ශ‍්‍රීලනිප අපේක්ෂකයා
ආචාර්ය විජිත නානායක්කාර යනු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර ආසනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර එයින් පරාජයට පත්වූ අපේක්ෂකයෙකි. දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයෙකු උසස් අධ්‍යාපන ආයතනයක ඉහළ තනතුරකට පත්වීමේ ශෝචනීය විපාකයන් විවෘත විශ්වවිද්‍යාලය හරහා මේ වනවිට දැකගත හැක.
විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති - මහාචාර්ය උපාලි විදානපතිරණ
මම විවෘත විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ කිසිදු ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ තත්ත්වය ගැන කතා කරන්න මම කැමති නැහැ. විශේෂයෙන්ම මේ වෙද්දි මම විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට කටයුතු කළා කියන එක පවා මම අමතක කරලයි ඉන්නේ.
විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති - ආචාර්ය විජිත නානායක්කාර
පාඨමාලා ගාස්තු ඉහළ දැමීමට ප‍්‍රධාන හේතුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අපට ලබාදෙන මුදල් සීමා කර තිබීමයි. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න මේ වැඩි කරපු මුදලත් මදිවෙලා තියෙන්නේ. හරි නම් ඇතැම් පාඨමාලා ගාස්තු 300%කින් ඉහළ යවන්න ඕනෑ
විවෘත විශ්වවිද්‍යාලය සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාලයට වඩා වෙනස්. මේ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන්නේ දුරස්ථ අධ්‍යාපනයක්. ඒ නිසා ඔවුන්ට නේවාසිකාගාර දීම අපේ වගකීමක් නෙමෙයි. විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන්නේ තාවකාලික නවාතැන් පහසුකමක් විතරයි. ඒක අපි වසරකට දින 30කට සීමා කළේ සමහර ශිෂ්‍යයෝ නේවාසිකාගාරයේ ඉඳලා රැුකියාවට යනවා. ඒක කරන්න ඉඩදෙන්න බැහැ.
වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පිහිටුවීමට අවසර දිය යුතු වුවත් විවෘත විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය සංගම් පිහිටුවන්න අවසර දෙන එක මට ප‍්‍රශ්නයක්. මොකද කොළඹ නිලවරණයක් පවත්වද්දී ඒකට ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ ඉතාම සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක්. එහෙම අඩු ඡුන්ද ප‍්‍රමාණයකින් පත්වෙන නායකයන් ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් විදිහට පිළිගන්න බැහැ. මම තාමත් විවෘත විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට අවසර ලබාදීමේ තීරණයේ නැහැ. ඊට හේතුව විවෘත විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන පිරිසෙන් 40%කටත් වඩා පිරිස අවුරුදු 30ට වඩා වැඩි වයසකින් යුතු අය. ඒ අය තමන්ගේ විවිධ අවශ්‍යතා මූලික කරගෙන ශිෂ්‍ය සංගම් පිහිටුවා ගන්න පුළුවන්. ඒක විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්.
ඉස්සර අපි විවෘත විශ්වවිද්‍යාලය හවස 6.30-7 වෙනකම් ඇරලා තිබුණා. ඒත් ළමයි හවස් වරුවේ ගහගෙන තුවාල කරගෙන ප‍්‍රශ්න ගොඩක් ඇතිකර ගත්තා. ඒ වගේ වෙලාවලට අපිට එයාලාගේ ජීවිතාරක්ෂාව ගැනත් වගකියන්න වෙනවා. මේ විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් විදිහට නෙවෙයි තක්කඩියන් විදිහට වැඩ කරපු පිරිස් හිටපු නිසා හවස 5 වෙද්දි සියලූම ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන්න අපි තීරණය කළා.
ඉස්සර අපි විවෘත විශ්වවිද්‍යාලය හවස 6.30-7 වෙනකම් ඇරලා තිබුණා. ඒත් ළමයි හවස් වරුවේ ගහගෙන තුවාල කරගෙන ප‍්‍රශ්න ගොඩක් ඇතිකර ගත්තා. ඒ වගේ වෙලාවලට අපිට එයාලාගේ ජීවිතාරක්ෂාව ගැනත් වගකියන්න වෙනවා. මේ විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් විදිහට නෙවෙයි තක්කඩියන් විදිහට වැඩ කරපු පිරිස් හිටපු නිසා හවස 5 වෙද්දි සියලූම ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන්න අපි තීරණය කළා.
අපි විවෘත විශ්වවිද්‍යාලයේ දේශන ශාලා කුලියට දෙනවා තමයි. ඒක කරන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ හොඳට. ඒ ලැබෙන මුදල් විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න ප‍්‍රයෝජනයට ගන්නවා.
විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරි - එම්.වී. රණසිංහ
මට විවෘත විශ්වවිද්‍යාලය ගැන පත්තරවලට කිසිම දෙයක් කියන්න බැහැ. මගෙන් මොකුත් අහන්න එපා.
Subscribe to:
Posts (Atom)




















