Wednesday, July 22, 2015

මහනුවර හා රත්නපුර නගරවලදී සංකේත සත්යග්රහයක්




විවෘත්ත විශ්වවිද්යාලයේ අඛණ්ඩ සත්යග්රහයට දින 218 සම්පූර්ණ වී ඇතත් තවමත් ගැටලු වලට නිසි විසඳුම් ලබ දීමට පාලකයන්ට නොහැකිවී ඇත. සිසු ගැටලු වලට වහා විසඳුම් ලබා දෙන ලෙස බල කිරිමටත්, පිලිබඳව මහජනතාව දැනුවත් කිරිමටත් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය. මගින් සංවිධානය කල සංකේත සත්යග්රහය අද(ජූලි 22) පේරාදෙනිය විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සන්ගමය මගින් මහනුවර නගරයේදී  හා සබරගමුව විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සන්ගමය මගින් රත්නපුර නගරයේදී පැවැත්විනි.

Tuesday, July 21, 2015

සන්කේත සත්යග්‍රහය අද






විවෘත විශ්වවිද්යාලයේ පසුගිය වසර දෙක තුළ සිදුකල සිදුකල ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විවෘත විශ්වවිද්යාලයිය ශිෂ් එකමුතුව ආරම්භ කල අඛණ්ඩ සත්යග්රහයට අදට දින 217ක් වේසිසු ගැටලු වලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙස බලකරන සන්කේත සත්යග්‍රහය අද කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විනි. 
                                    
                                                  මෙම අරගලය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කල අතර එයින් කිසිදු විසඳුමක් නොලැබුණි. විශ්වවිද්යාල සිසුන් මහපාරේ අරගල කිරීමට සිදුව ඇති ගැටළු සියල්ල විසදන බව බොරු පුරාජේරු කියමින් පැමිණි මෛත්රී-රනිල් ආණ්ඩුවද මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට කිසිදු සුදානමක් නැත. ආණ්ඩු 2කට  අධ්යාපන ඇමති වරු 5කට පමණ විසදිමය නොහැකි වුනු ගැටලුව මුළුමනින්ම විසදන තුරු මෙමෙ අරගලය අකණ්ඩව ක්රියාත්මක කරන බව විවෘත විශ්වවිද්යාලයිය ශිෂ් එකමුතුවේ කැඳවුම්කරු අමිල සඳරුවන් සහෝදරයා පවසයි
                                                
                                                 මෙම අරගලයට සහය දක්වමින් සන්කේත සත්යග්‍රහය අද දින රජරට විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමය විසින් අනුරාධපුර නගරයේත් රුහුණ විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමය එම විශ්වවිද්යාලය ඉදිරිපිටත් ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහා ශිෂ් සංගමය නුගේගොඩ නගරයේත් පවත්වන ලදී.

Saturday, July 18, 2015

සත්යග්‍රහයට දින 213යි....




විවෘත විශ්වවිද්යාලයේ අධ්යන ගාස්තු අත්තනූමතික ලෙස වැඩිකිරීමට, ශිශ්ය සන්ගම්, තහනමට හා ශිශ්ය මර්ධනයට එරෙහිවවිවෘත විශ්වවිද්යාලයීය ශිශ්ය එකමුතුව මගින් ආරම්බ කල අඛණ්ඩ සත්යග්රහයට අද වනවිට දින 213ක් ගතවී ඇත. නමුත් විශ්වවිද්යාලයීය පාලණාධිකාරය හා වගකිවයුතු නිලධාරීන් නෑසූකන්ව මුනිවත රැකීම නිසා අඛණ්ඩ සත්යග්රහය හා අරගල ක්රියාමාර්ග තීවෘර කිරීමට  විවෘත විශ්වවිද්යාලයීය ශිශ්ය එකමුතුව තීරනය කර තිබේ. එහිපියවරක් ලෙස අරගලයේ වර්ථමාන තත්වය විශ්වවිද්යාලයීය ශිශ්ය ප්රජාවට පැහැදිලි කිරීමට අත් පත්රිකා බෙදා හැරීමක් හා ශිෂ්ය දැනුවත් කිරීමේ විවෘත සන්වාදයක් ඊයේ දින විශ්වවිද්යාලයීය ආපනශාලා පරිශ්රයේදී සාර්තකව අවසන් විය.

එක්වෙමු... 
                           සටන් වදිමු.. අවසන් ලේ බිඳුව තෙක්....

Wednesday, May 13, 2015

විවෘතයේ දැවැන්ත විරෝධතාවක්


විවෘත විශ්වවීද්‍යාලයේ ගාස්තු 180% කින් වැඩි කිරීමට එරෙහිව ක්‍රියාත්මක කල සත්‍යග්‍රහයට 2015/05/15 දිනට දින 150කි.නමුත් පාලකියින් තවමත් නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව හා විවෘතයේ අප සහෝදරයින් දෙදෙනෙක් අභූත චෝදනා නගමින් ශිෂ්‍ය බාවය අහෝසි කිරීමට එරෙහිව පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව මැයි මස 15 දින එනම් හෙට දින නාවල විවෘත විශ්ව විද්‍යාලයේදී...