Wednesday, February 4, 2015

අඛණ්ඩ සත්‍යග්‍රහට අදට දින 50යි


විවෘතයේ ගැටලු විසදන ලෙස පාලකයන්ට බල කරමින් විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව විසින් 2014/12/17 වන දින ආරම්භ කල සත්‍යග්‍රහයට අදට(2015/02/04) දින 50ක් ගතවී ඇතත් පාලකයින් විවෘතයේ ගැටලු පිලිබද කිසිදු තැකීමක් නොකර කල්මරමින් සිටී.පාලකයින්ගේ මෙම නිහඩතාවය ඉදිරියටත් පැවතුනහොත් විවෘත විශ්වව්ද්‍යෘලීය ශීෂ්‍ය එකමුතුව දැඩි තීරණ වලට එලෙබෙන බව පාලකයින්ට තරයේ කියා සිටන්නෙමු .
විවෘතය රැකගනිමු, එක් වෙමු, පෙලගැසෙමු, පවුරක් ලෙස.

Monday, February 2, 2015

මිටියෙන් ගසා හිස තලා සිසුන් මැරුවේ මහින්දගේ නියෝගයකට


2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකල ඝාතනයක් බව තහවුරු කල හැකි තොරතුරු හෙලිවී ඇත. එම තොරතුරු වලට අනුව මෙම සිසුන් දෙදෙනා ඝාතනය කොට ඇත්තේ හිස තද යමකට තබා හිස මතට ඝන ලෑල්ලක් හෝ තහඩුවක් වැනි යමක් තබා හිස් කබල තැලී පොඩිවී යන ලෙස ඒ මතට මිටියක් වැනි බර දෙයක් භාවිත කොට පහර දීමෙන් බව අනාවරණය වේ.
මෙම ඝාතනයේ සැලසුම් කරුවා මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කල පුද්ගලයෙක් වන අතර හමුදාවේ ඉහල නිලයක් දරන්නෙකි. එහෙත් මොහු විධිමත් හමුදා පුහුණුවක් නොලැබූ පුද්ගලෙයෙක් බවද අනාවරණයවේ.
2012 සැප්තැම්බර් 27 අළුවම 3 00 ට නැවතී සිටි තැනින් පිටත් වන විට මග රැකවල් ලා සිටි මෙම පුද්ගලයා ඇතුළු කන්ඩායම ගම්පහ කච්චේරියට මීටර් 500 පමණ දුරින් මිරිස් වත්ත හන්දිය දෙසට වෙල්යාය ආසන්නයෙදී මග හරස් කර සිසුන් අල්ලාගන ඇත. හිස තලා ඝාතනය කර පසුව නුවර පාරේ ඉඹුල්ගොඩට ගෙනත් දමා ඇත.
මෙම අපරාධයට මෙහෙයවූ පුද්ගලයාගේ මුල් ගම බෙලිත්ත වන අතර මොහු ගම වශයෙන් සදහන් කරන්නේ ඇලහැර දියබෙදුම දෙහිවත්ත ප‍්‍රදේශයවේ. කලක් මෙම පුද්ගලයා අපරාධ කරුවෙකු ලෙස සිරගතව සිටියදී මහින්ද රාජ පක්ෂ විසින් මැදිහත්ව නිදහස් කරගන මේජර් තනතුරක් ලබාදී ඇත. මහින්ද රාජපක්ෂ වගකිවයුතු. අපරාධ රැසක් සිදුකරනු ලබන්නේ මෙම පුද්ගලයා විසිනි.
එවකට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත්කර ඇති අංක b 1593/ 2012 දරණ පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඒහා බැදුණු sr/ 5719/ 2012 දරණ වාර්තාවට අනුව හිස් කබලට සිදුවූ දැඩි හානිය හේතුවෙන් සිසුන් දෙදෙනාගේ මරණෙ සිදුව අති බවයි.
මෙම සිසු ඝාතනය සම්බන්ධයෙන් සතියකට පසු පුවත්පතක පලවූ ලිපියක් පහත පලවේ.
පරස්පර කතා මැද සිසු ඝාතනය තහවුරු වන හැටී.
“උන් මැරුණ එක හොඳයි. හිටිය නං අපට කරදරයි” – 2012 නොවැම්බර් 17 – ලක්ෂ්මන් වසන්ත – මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී
”ඇක්සිඩන්ට් එක වෙනවා මම දැක්කා. එතකොට වෙලාව පාන්දර 3.10 ට විතර ඇති. මම ඉස්පිරිතාලෙට යන ගමන් හිටියේ. වේගයෙන් ආපු සුදු පාට කාර් එකක් පාර හරහා දැම්මා. මෝටර් සයිකලයේ ආපු දෙන්නා ඒකෙන් බේරෙන්න සයිකලේ දකුණට හැරෙව්වා. ඊට පස්සේ ලයිට් කණුවෙ වැදුණා.” – 2012 සැප්තැම්බර් 27 රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා.
”ගම්පහ අධිකරණය මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් සහ දුරකථන දත්ත සටහන් ලබා දෙන ලෙස නියෝගයක් දුන්නා. නමුත් එම දුරකථන සමාගම ලබා දුන්න දත්ත සටහන් සැක සහිතයි. ජානකගේ දුරකථනයේ ආසන්න දිනවල ඇමතුම් ගත්ත දත්ත සටහන් මකා දමලා. රස පරීක්ෂක වාර්තාව තවම ලැබිලා නැහැ. මේ අනතුර පිටුපසත් ඒ පිළිබඳ කෙරුණු පොලිස් පරීක්ෂණවලත් දිගටම බරපතළ පරස්පරතා මතු වුණා.” – 2013 ජනවාරි 29 – සංජීව බණ්ඩාර
‘‘ඇයි ඒක ගැන අහන්නේ? ඒ දෙන්න මැරුණා. තවම තේරුණේ නැද්ද සිද්ධ වුණේ මොකක්ද කියලා. ඕක වාහන ඇක්සිඩන්ට් එකක් නෙවෙයි. ඊට එහා දේවල් මගෙන් අහන්න එපා. ඔය නඩුවෙනුත් වැඩක් වෙන එකක් නැහැ.’’
2012 සැප්තැම්බර් 27 ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මියගිය බවට ප‍්‍රකාශ වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඊට මසකට පසු ආරක්ෂක අංශ නිලධාරියකු මෙම ලියුම්කරු සමඟ ප‍්‍රකාශ කළේය. එම අනතුර පිළිබ`ද විමසීම ඔහුට දැඩි පීඩනයක් වී තිබුණි.
එදින සිසුන් දෙදෙනා සිය නවාතැනින් පිටත් වූයේ අලූයම 3.00 ට පමණය. ඒ ගම්පහ බණ්ඩාරනායක විදුහල අබියසිනි. අනතුර දුටු තී‍්‍රවීල් රියැදුරකු පොලිසියට ඒ බව දැනුම් දී ඇත. සිද්ධිය දුටු බව කියන තී‍්‍රවීල් රියැදුරාගේ එම ප‍්‍රකාශය පරිදි සිසුන් පැමිණි යතුරු පැදිය වේගයෙන් පැමිණියේ නම්, ඔවුන් පිට වූ ස්ථානයේ සිට විනාඩි 3 ක් 4 ක් ඇතුළත සිද්ධිය වූ ස්ථානයට පැමිණිය යුතුව තිබුණි.
අලූයම 3.00 ත් 4.30 ත් අතර අනතුර සිදු වූයේ නම් පැය 1 1/2 ක කාලය තුළ තී‍්‍රවීල් රියැදුරෙක් හැර එතැන පසු කරමින් නුවර – කොළඹ මාර්ගයේ කිසිවකුත් ගමන් ගෙන නැතැයි කියන ප‍්‍රකාශය ගැටලූසහගතය. කෙසේ වෙතත් ගම්පහ පොලිසියේ නිලධාරීන් පවසනා පරිදි මෙම අනතුර පිළිබඳ දැනුම් දීම සිදු කර ඇත්තේ නාවික හමුදාවේ බව කියාගත් පුද්ගලයකු විසිනි. අනතුර වූවා යැයි කී ස්ථානයට ප‍්‍රථමයෙන් ගිය පොලිස් නිලධාරීන් පවසන්නේ දැනුම් දීම සිදු කළ නාවික හමුදා නිලධාරියා තමන්ට හමු නොවූ බවය. එමෙන්ම පොලිසිය පෙ.ව. 4.30 ට පමණ අවට වෙළෙඳසල්වලින් මළ සිරුරු දෙකක් වැසීම සඳහා ගෝනි ඉල්ලා ඇත. අවට ව්‍යාපාරික ස්ථානවල රාති‍්‍රයේ සිටි පිරිසට අනතුරක ශබ්දයක් ඇසී නැත. එම ස්ථානයේ අනතුරක් සිදු වී දෙදෙනකු මිය ගොස් ඇති බව අවට පිරිස් දැන ගන්නේ පොලිසියේ එම ප‍්‍රකාශයෙනි. මින් පැහැදිලි වන්නේ කුමන හෝ හේතුවක් මත ශිෂ්‍යයන්ගේ පිටත් වීම හා අනතුර සිදු වූ කාලය අතරතුර පැය 1 1/2 ක් තුළ කුමන හෝ සිදුවීම් පෙළක් ඇති බවය.
කෙසේ හෝ සිසුන් දෙදෙනා පැය එකහමාරක් අතුරුදන්ව සිට ඇති බව දැන් තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය මුලින් දැනුම් දුන් පුද්ගලයා එය දැනුම් දී ඇත්තේ වැරැුල්ලවත්ත පොලිස් මුරපොළට බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළත් එම අනතුරේ පණිවුඩය ලැබී ඇත්තේ ශිෂ්‍යයන් රැදී සිටි ස්ථානයට නුදුරින් වූ යක්කල ප‍්‍රදේශයේ රැදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය. ඔවුන් විසින් එය වැරැුල්ලවත්තට දැනුම් දුන් බව සොයා බැලීමක දී අපට තහවුරු විය. අලූයම 5.30 ට පමණ මළ සිරුරු දෙක ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට බාර දී ඇත.
අනතුර සිදු වූයේ කුමන ආකාරයටද යන්න නිවැරැුදිව පොලිස් පොතේ සඳහන්ව නැති අතර වේලාව ලෙස සටහන් කර ඇත්තේ ද අලූයම 5.30 ය. මෙම තත්වය තුළ ඉඹුල්ගොඩ වංගුවේ දී කොළඹ දෙසට වම් පසින් ගමන් කළ යතුරු පැදිය පාරේ පිටතින් දකුණු පස වූ පහන් කණුවක හැපුණු අතර යතුරු පැදියේ හානි වී ඇත්තේ ද දකුණු පසටය. එමෙන්ම යතුරු පැදිය වැදී ඇත්තේ පහන් කණුවේ පොළොවේ පිහිටීමට අඩියක් උසිනි. එලෙස වැදීමට පෙර යතුරු පැදිය ඒ අසල බෑවුමට පෙරළී යා යුතුව තිබුණි. එමෙන්ම යතුරු පැදිය පෙරළී ගොස් පහන් කණුවේ වැදුණේ නම්, ඊට සිදු වී තිබූ හානියට අනුව පාරේ සටහන් තිබිය යුතුය. එමෙන්ම එකවර සිසුන් දෙදෙනාගේම හිස් තැළී පොඩි වීමට තරම් යමක් ඒ අසල පිහිටා තිබී ද නැත. අනෙක් ප‍්‍රධාන කාරණය යතුරු පැදිය වැදුණේ යැයි සඳහන් පහන් කණුව අතර සහ යතුරු පැදිය වැටී තිබූ ස්ථානය අතර දුර මීටර 4 කි.
යතුරු පැදිය බිම පෙරළීවිත් ඇදී ගොස් අදාළ පහන් කණුවේ වැදුණේ නම්, සිසුන් දෙදෙනා බෑවුමේ වූ පල්ලමට විසි වී යනු මිස ඔවුන්ගේ හිස් කබල් එතරම් ප‍්‍රමාණයකින් බරපතළ ලෙසත් එක හා සමාන ලෙසත් තැළී පොඩි වීමට හේතුවක් නැත. එමෙන්ම ඔවුන් පැමිණි යතුරු පැදියට එතරම් හානියක් ගෙන එන අනතුරක් එහි සිදු වූ බවට ද අවට කිසිදු සලකුණක් නොමැත. ඒ හැපුණු බව කියන පහන් කණුවේ ද ඇත්තේ ඉතා කුඩා සලකුණකි. එය පවා මිටියකින් වැනි බර ආයුධයකින් පහර දී කුඩා කැබලිවලට කැඩූ ස්ථානයක් ලෙස දිස් වේ. එමෙන්ම මෙම අනතුර සිදු වූ මොහොතේ සිට පොලිසියට එහි මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමට අසාමාන්‍ය හදිසියක් තිබී ඇත.
ඉක්මනින් අනතුර සිදු වූ ස්ථානයේ සාක්ෂි සටහන් මකාදැමුණු අතර පෙ.ව. 9.10 ට මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණෙන විටත් සාක්ෂි සලකුණු ඉතිරි වී තිබුණේ නැත. පෙ.ව. 9.30 වන විට අදාළ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් වැලිවලින් වසා සියල්ල අවසන් කර තිබුණි. එම ස්ථානයේ සටහන්ව තිබුණු ඩිෆෙන්ඩරයක යයි සැක කළ හැකි ටයර් පාරවල් විකෘති කිරීමට කටයුතු කර තිබුණ ද එය අසාර්ථක වී තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය 28 වැනි දා රාති‍්‍රය වන තුරුත් මෙම සිදුවීම් පිළිබඳ ගම්පහ පොලිසිය නිවැරැුදි ලෙස සටහන් කර තැබීමට අසමත් විය. මෙම ප‍්‍රශ්නය මාධ්‍ය ම`ගින් ප‍්‍රශ්න කිරීම ඇරඹීමත් සමඟ පෙර වේලාවල් සඳහන් කරමින් පසුව එම අනතුර පිළිබඳ තොරතුරු සටහන් කර තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය නම්, අනතුරේ ඇතැම් ටයර් සලකුණු ගැන ඒ වෙලාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් අදහස් පළකරන විට කරන විට බුද්ධි නිලධාරීන් බවට තමන් හදුන්වා දුන් පුද්ගලයන් විසින් ඒවා වෙනත් වාහනවලින් ඇති වූ ඒවා බව ප‍්‍රකාශ කිරීමය.
මෙම තත්වය තුළ හදිසි අනතුරක් විදිහට පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත විය. මෙවැනි අවස්ථාවක දී ඝාතකයන් උත්සාහ කරන්නේ හැකි උපරිම අයුරින් මරණයට පත්වන ආකාරය අනතුරකින් සිදු වූ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමටත් අදාළ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යාමටත්ය. එම තත්වය තුළ අනතුර සිදු වන ආකාරය, එහි සලකුණු හා අවට පරිසරයේ සටහන් තාර්කික ලෙස ගොඩනැ`ගීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර එවැන්නක් කෘති‍්‍රම ලෙස නිර්මාණය කිරීමේ හැකියාවක් ද අපරාධකරුවන්ට නැත. ඒම පරස්පරතාවය ප්‍රබල ෙලස ෙමම සිද්ධිය නීරීක්ෂණ ෙයදී දක්කට ලැෙබ්.
මෙම සිසු මරණ දෙක පිළිබඳව මාස 4 කට පසු දිගහැරෙන කතාවෙන් තවත් පරස්පරතා මතු වෙමින් තිබේ. අධිකරණ නියෝගයෙන් පසු ලබා ගත් සිසිතගේ හා ජානකගේ ජංගම දුරකථන දත්ත සටහන් මකා දමා ඇත. මේ දක්වා මහෙස්ත‍්‍රාත් නියෝගයෙන් පැවැත්වුණු රස පරීක්ෂක වාර්තාව ද රස පරීක්ෂකවරයා නිකුත් කර නැත. දුරකථන දත්ත සටහන් මකා දැමීමේ දී අනතුර සිදු වීමට දින 5කට පෙර හා එය සිදු වී දින 5 ක් ගත වන තුරු එම ජංගම දුරකථනවලට ඇමතුම් ලැබුණු බවට දත්ත සටහන්ව නැත. එමෙන්ම අනතුර සිදු වන දිනයේ එම ජංගම දුරකථනවලින් කෙටි පණිවුඩ ලබා දීම හා ලබාගැනීම අවහිර කොට තිබී ඇත. එහෙත් අනතුර සිදු වන දිනයේ ඊට පැයකට පමණ පෙර රුහුණු සරසවි සිසුවකුගේ ජංගම දුරකථනයකින් ඇමතුම් ලබාගත් බවට එම ශිෂ්‍යයාගේ දුරකථන ඇමතුම් ලබාගත් තොරතුරු සටහනේ ඇත. එවැනි තොරතුරු සටහන් පත් කිහිපයකම එලෙස ජානකගේ හා සිසිතගේ ජංගම දුරකථනවලට ලබාගත් ඇමතුම් සටහන්ව තිබේ. එහෙත් මොවුන් දෙදෙනාගේ දුරකථන දෙකේ එලෙස තොරතුරු සටහන් නොවීම බරපතළ සැකසහිත තත්වයකි. එම අනතුර සිදු වූ දිනයේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පහ පොලිසිය කටයුතු කළේ සිසුන් මුහුණ දුන් අනතුර පැවැති ස්ථානයේ සාක්ෂි සටහන් මකා දැමීමටත් ඇතැම් තොරතුරු යටපත් කර දැමීමටත්ය. ලංකාවේ බොහෝ පොලිසි ඇතැම් මරණවල දී ද වෙනත් දේශපාලන සිදුවීම්වල දී ද මෙලෙස කටයුතු කරන බව ප‍්‍රසිද්ධ රහසකි.
2012 මැයි මාසයේ රගර් කී‍්‍රඩකයකු වූ වසීම් තජුඞීන් රිය අනතුරකින් මිය ගිය බවට ප‍්‍රකාශ වුව ද එම අනතුර ද සැකසහිත විය. එහෙත් නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳ විධිමත්් පරීක්ෂණ සිදු නොකළේය. එය කොළඹ කොට්ඨාසයේ පොලිස් ප‍්‍රධානියකුගේ බලපෑමෙන් සිදු වූවක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අනතුර පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවනු තබා පොලිස් පොත්වල අනතුර පිළිබඳව සඳහන් කර නොතිබූ බවට තොරතුරු තිබේ.
ජානක හා සිසිත මිය ගිය මොහොතේ එම රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා පැදවූ උඡු ූඊ 9802 දරන ති‍්‍රරෝද රථයට අයත් එම ලියාපදිංචි අංකය යතුරු පැදියකට අයත් වූවක් බවත් එහි කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇති බවටත් අධිකරණයේ දී හෙළිදරව් විය. එහෙත් ගම්පහ පොලිසිය මේ දක්වා එම සැකසහිත තී‍්‍රවීල් රියැදුරා අත්අඩංගුවට ගැනීමක් හෝ ප‍්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කර නැත. ඔහුගෙන් ප‍්‍රශ්න කළේ නම් අනතුර පිළිබඳව යම් ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් පැවතුණි. පොලිසිය එම අවස්ථාව මඟහැර යාමට පැහැදිලි හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැත. සිසිතගේ හා ජානකගේ මරණවලින් පසු කැලණිය විශ්වවිiාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරන්ජිත් බණ්ඩාරට ඉකුත් දෙසැම්බර් මාසයේ දී අලූයම 2ට පමණ නා`දුනන පුද්ගලයන් පැමිණ පහර දී හිස පොළොවේ ගැසීමට උත්සාහ දරා පලා ගොස් තිබිණි. එමෙන්ම රුහුණ විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන ශිෂ්‍යයාට ඩිෆෙන්ඩර් රථ දෙකකින් පැමිණි පිරිසක් පහර දී පැහැරගෙන යාමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබිණි. මෙම පැහැර ගැනීමට තැත් කිරීම හා මරණීය තුවාල සිදු කිරීමට දැරූ උත්සාහයන් පිළිබඳව පොලිසිවලට පැමිණිලි කර ඇතත් මේ දක්වා ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වා නැත.
එලෙස ශිෂ්‍යයන්ට පහර දීම හා මරා දැමීම පිළිබඳව හා එවැනි උත්සාහ කිරීම් පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදු නොවන්නේ ඇයිද යන්න බරපතළ ගැටලූවකි. එම ගැටලූව පිටුපස ඇත්තේ ආණ්ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මත මර්දනය මුදා හැර ඇති ආකාරය මිස අන් කවරක්ද?
ෙමම මරණ පිළිබඳව කරුණු විමසීම හෝ පොලිස් පරීක්ෂණ පැවැත්වීමට බලකිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් ලෙස පෙනෙන්නට තිබේ. එළඹෙන නිමේෂයේ මිය යන්නේ කුමන සරසවියේ කොයි ශිෂ්‍යයාද යන්න හරස් පද ප‍්‍රහේලිකා පිරවිය නොහැකිය. ශිෂ්‍ය ව්‍යාපාරය මත මුදා හැර ඇති ආණ්ඩුවේ මර්දනය එතරම්ම සියුම් ලෙස කි‍්‍රයාත්මකව පවතී. දුරකථන බිල්පත්වල දත්ත සටහන් මකාදැමීමත් සිදු වූයේ යැයි කියන අනතුර හා පහර දීම් පිළිබඳව පොලිසිය විධිමත් පරීක්ෂණ සිදු නොකිරීමත් හා රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් නොකිරීමත් ආණ්ඩුව මුලින් ආරම්භ කළ ශිෂ්‍ය මර්දනයේ දිගුවක් ලෙස හඳුනාගත හැකිය. එහෙත් එම මර්දනයේ මිලිටරිමය හැඩය හ`දුනා ගැනීමට නොහැකිය. ඊට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරය මත කුමන්ත‍්‍රණික ලෙස මර්දනය දියත් කර තිබීම බව පැහැදිලිය.
සිසු ඝාතනෙය් උත්තර නැති ප්‍රශ්ණ
01. සිසුන් මුහුණ දුන් අනතුර සිදු වීමට පෙර රාති‍්‍රයේ ඔවුන් හඹා ආ යතුරු පැදිකරුවන් කවුද? ඒ පිළිබඳ පැමිණිල්ල ගම්පහ පොලිසිය මේ දක්වා විසින් විමර්ශනයක් නොකළේ් ඇයි?
02. සිසුන් නැවතී සිටි ස්ථානයට ආසන්නව රැුකවල්ලා සිටි බව කියන ඩිෆෙන්ඩර් රථ 02 හා යතුරු පැදිවලට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?
03. අනතුර ගැන යක්කල පොලිස් මුරපළට දැනුම් දුන් නාවික නිලධාරියා කවුද? එම දැනුම් දීම ගැන ගම්පහ පොලිසියේ හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ අතර පැවති පරස්පරතාව කුමක්ද?
04. අනතුර ගැන දැනුම් දුන්නේ යැයි කියන තී‍්‍රවීල් රියැදුරා සිද්ධිය දැක එය දැනුම් දීමට පැය 1 1/2 ක කාලයක් ප‍්‍රමාද වූයේ ඇයි?
05. එස්.අයි. රවීන්ද්‍ර පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් අදාළ ස්ථානයේ මිනීමැරුමක් සිදු වී තිබෙන බවට අලූයම 4.30 ට පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් පණිවුඩයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද?
06. ශිෂ්‍යයන් අත තිබූ ජංගම දුරකථන දෙකට සිදු වූයේ කුමක්ද?
07. අනතුර පිළිබඳ පොලිසිය සටහන් තැබීමට පැයක් ප‍්‍රමාද වූයේ ඇයි? ඔවුන්ගේ නිරීක්ෂණ එදින මධ්‍යම රාති‍්‍රය වනතුරුත් පොලිස් පොත්වල සටහන් නොකළේ ඇයි?
08. එස්.බී. ඇමැතිවරයා මෙම මරණ සැක සහිත බව ප‍්‍රකාශ කළේ කුමන පදනමකින්ද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම මරණ පරීක්ෂණ සිදු වීමට දිනකටත් පෙර මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණ බව ප‍්‍රකාශ කිරීමට ඔහුට තිබූ සාධක මොනවාද?
09. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇලවූ පෝස්ටර් ඉරා දැමීමට පොලිසිය කටයුතු කළේ ඇයි?
10. ‘‘මිය ගොස් ඇත්තේ සංජීව බණ්ඩාර’’ යනුවෙන් පොලිසිය ප‍්‍රකාශ කළ බවට ප‍්‍රදේශයේ පැතිර යන කටකතාවේ පදනම කුමක්ද?
11. අනතුර සිදු වූ ස්ථානයේ එතරම් බරපතළ තුවාල සිදු වී තිබියදීත් ලේ සටහන් නොතිබුණේ ඇයි?
12. අනතුර සිදු වූ ස්ථානයේ ටයර් සටහන්, ඇතැම් සලකුණු හා ලේ පැල්ලම් මකාදැමීමට පොලිසියට තිබූ හදිසිය කුමක්ද? ශිෂ්‍යයන් හැපුණු පහන් කණුවේ කැඞී ගිය කොටස් ඉවත් කළේ ඇයි?
13. ශිෂ්‍යයන් නවාතැනින් පිටත් වුණු කාලය හා ඊට නොදුරු අනතුර සිදු වූ ස්ථානය අතර වූ පැය 1 1/2 ක කාලය තුළ ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන් වී සිටීමට හේතුව කුමක්ද?
14. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පුන පුනා ප‍්‍රකාශ කළ පරිදි මෙය හදිසි අනතුරක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ඒ අසල ර`දවා සිටියේ ඇයි?
15. අනතුර සිදු වූ ස්ථානයේ අලූයම 4.00 ට පමණ නවතා තිබූ හමුදා ජීප් රියට පැවරුණු රාජකාරිය කුමක්ද?

                                                                      ධනූ රාමවික්‍රම

මෛත්‍රි ආණ්ඩුව පාසැල් තුළ මුදල් අය කිරීම නිත්‍යනුකූල කරයි


පසුගිය ජනවාරි 28 වන දින, එනම් තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. චක්‍රලේඛ අංක 05/2015 ලෙස සඳහන් මෙය සියලුම පළාත්,කලාප හා කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත්,සියලුම් විදුහල්පතිවරුන්ටත් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ " පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම කිරීම" නමිනි. මීට පෙර සිටම අධ්‍යාපන ඇමතිවරයා පාසල්වල සිදුකරන "අනවශ්‍ය"මුදල් අයකිරීම නවතන බව මාධ්‍යයන්ට සඳහන් කර තිබුණි. ඒ මොහොතේද අපි "අනවශ්‍ය" යන විශේෂනය කුමක්ද? එසේ නම් "අවශ්‍ය" මුදල් අයකර ගැනීම ගැටළුවක් නොවේද යන ප්‍රශ්න්ය මතු කරන ලදී. කෙසේ නමුත් පාසල්වල මුදල් අයකිරීම නැවැත්වීමේ ලේබලයෙන් ගෙන ආ මෙම චක්‍රලේඛය හරහා 1947 දී නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමෙන් පසු පළමුවරට ලංකාවෙ පාසැල් තුළ සිසුන්ගෙන් ගාස්තු අයකිරීම නීතිගත කර ඇත.

ඒ සඳහා මෙහි සඳහන් ප්‍රතිපාදන් පහත පරිදි වේ.

01) මෙහි 01 සහ 02 වගන්ති වලින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පසුගිය කාලය පාසල්වල් විවිධ හේතු දක්වමින් සිසුන්ගෙන් මුදල් අයකළ බව හා එය සාමාන්‍යකරනය කර ඇති බවත් සඳහන් කර ඇත. එමෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුව සිසුන්ගේන් හෝ දෙමාපියන්ගෙන් එවැනි මුදල් අයකිරීම් සපුරා තහනම් කරන බවද, එසේ මුදල් අයකළහොත් අඳාළ පුද්ගලයින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත. මතුපිටින් බලන්නෙකුට මේ සැරසෙන්නේ පසුගිය කාලයේම විවිධ හේතු දක්වමින් පාසල් තුළ මුදල් අයකිරීම් හරහා සිසුන්ට හා දෙමාපියන්ට සිදුවූ පීඩනය නවරජයෙන් අහෝසි කිරීමට බවට වැරදි වැටහීමක් වුවත් ඇතිවීමට ඉඩතිබේ.

02)  03,04 වැනි වගන්ති වලිනුත් එවැනිම වටයක් ගසා අඳාල කරුණ වෙත පැමිනෙන්නේ 05 වැනි වගන්තියෙනි.

”05,
          5.1, 5.2”
 ආණ්ඩුව මේ හැරෙන්නේ කුමටදැයි වැටහෙන්නේ එවිටය. මේ අනුව මෙතෙක් නීතිගත කර තිබූ අනුමත පහසුකම් හා සේවා ගාස්තු වලට අමතරව ” පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට” ද මුදල් අයකළ හැකිබව සඳහන් කර තිබේ. මෙම ‘අනවශ්‍ය වියදම්‘ වලට උදාහරණ ලෙස දක්වා තිබෙන්නේ විදුලිබිල, දුරකථන බිල්, සහ ආරක්ෂක වියදම්ය. මේ අනුව පාසැලේ විදුලි බිල, මුරකරුවන්ට ගෙවන වැටුප පවා සිසුන්ගෙන් අයකරගැනීම නීතිගත කර ඇත. ඒ අනුව මෙතෙක් නිතියක් නොමැතිව පසුගිය කාලයේ පාසල් වලින් සිදුකළ මුදල් අයකිරිම නව ආණ්ඩුවේ ”ඊනියා රාජ්‍ය ප‍්‍රතිපත්තිය ” අනුව නීතියේ ලෙසටම කිරීමට බලය  ලබා දී ඇත.

03) 06 වැනි වගන්තියෙන් පාසලේ ”අනවශ්‍ය වියදම්” පියවාගැනීමට මුදල් අයකරගන්නා ආකාරය සඳහන්    කර ඇත. පළමුවෙන්ම පාසැල්වල  වියදම් ඇස්තමේන්තු සැසීම, ඉන්පසු රජයෙන් වෙන්කරන මුදල් පුරෝකථනය කර වියදම් සඳහා තවදුරටත් අවශ්‍ය මුදල ගනනය කිරීම(රජයෙන් අවශ්‍ය මුදල් ප‍්‍රමාණය ඉදිරියට ලබ නොදෙන බව පිලිගෙන ඇත.) එම මුදල් ප‍්‍රමාණය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකු සඳහා මුදල ගනනය කිරීම හ එය අධ්‍යාපන අමාත්‍යාංශයට යවා අනුමත කරගෙන නිල වශයෙන්ම මුදල් අයකර ගැනීමට සරල ගණිත ක‍්‍රම ඔස්සේ උපදෙස් දී ඇත. මෙහි හරය නම් සියළු සිසුන් පාසලට ඉදිරියේද  පෙර ලෙසම හෝ ඊට වැඩියෙන් ගාස්තු ගෙවිය යුතු බවයි.

04) 07 වැනි වගන්තියේදී (ii) කොටසේ දක්වා ඇත්තෙ මෙම ”ඊනියා නිත්‍යානුකූල ගාස්තු” ගෙවීමට අපහසු සිසුන් ඇත්නම් ඒවා නොගෙවා සිටීමටනම් ග‍්‍රාම සේවක සහතිකයක් ගෙනැවිත් ඉදිරිපත් කළ යුතු බවයි.

  05) ඉතිරි වගන්ති තුළින් සිසුන්ට බිල් කඩන ආකාරයත්, එහිදී ලබාදිය යුතු බිල් වර්ගවල ආකාරයත් ආදිය දක්වා ඇත.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මඟින්  පෙර නොවූ විරූ පරිදි අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අඩු කරමින් ක‍්‍රමාණුකූලව පාසල් තුළ සිසුන්ගෙන් මුදල් අය කිරීමට නොනිල අවසරයක් ලබාදෙන ලදී. එය මේ වන විට ගුරුවරුන්ට වැටුප් ගෙවීම හැර පාසලේ සියලූම කටයුතු වල (ඩෙස් බංකු සෑදීම, ගොඩනැගිලි සෑදීම , බිත්ති වල තීන්ත ගෑම ආරක්ෂක වියදම්, බිල් ගෙවීම, උත්සව පැවැත්වීම ) වියදම සිසුන් හා දෙමාපියන් මත පටවා ඇත.  ඒ හරහා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කර තිබේ. පාසලට මුදල් ගෙවීමට සිසුන්ට හොරකමේ යන්නට සිදුවීම උදාහරනයකි. අඩු ආදායම් මට්ටම් වල සිටින බහුතරයක් ජනතාව සහිත රටක නිදහස් අධ්‍යාපනය සුරකින බව සඳහන් කරන පාලකයන්ගේ මෙම උත්සහය නින්දාසහගතය ආරක්ෂාව සඳහා යැයි කියමින් තවමත් අධිකව මුදලක් අයවැයෙන් වෙන් කරන රටක පාසල් වල මුරකරුවන්ට වැටුප් ගෙවීමට බාරවී ඇත්තේ දෙමාපියන්ටයි.

මෙම තත්වය වෙනස් කිරීමට පාසල් වල මුදල් අය කිරීම නැවැත්වීමට  බව සඳහන් කරමින් ගෙන එන මෙම චක‍්‍රලේඛය හරහා පසුගිය කාලයේ සිදුකල එම නොනිල ක‍්‍රියාවලිය නීතිගත කර ඇත. ජනතාව රවටාඅ ඇත.  අධ්‍යාපනයට  දල දේශීය නිශ්පාදනයෙන්  6%ක් වෙන් කරන බවට පාරම්භාන ආණ්ඩුවට එසේ ප‍්‍රතිපාදන වැඩි කරයි නම් මෙසේ මුදල් අය කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලි කල යුතුය. 6%ක් වෙන් කිරීමේ සත්‍ය අසත්‍යභාවය අප තේරුම් ගත යුත්තේ මෙසේය. මෙම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මනාව හෙලිදරව් කරන්නකි. එබැවින් ඉතිහාසයේ පළමුවරට සිදුකල මෙම ක‍්‍රියාවලියට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සියළු බලවේගවල එකතුවෙන් අරගල කල යුතුය

විවෘත විශ්වවිද්‍යාලයේ සිසු ඉල්ලිම් වලට වහා විසදුම් ලබා දෙනු


විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලු විසදීමට බලකරමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව (OUSU) පසුගිය දෙසැම්බර් 17 වන දින අඛන්ඩ සත්‍යග්‍රහයක් නාවල ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අරම්භකරන ලදි. එම සත්‍යග්‍රහයට අද (31) වනවිට දින 46ක් ගතවී ඇති නමුත් මෙතෙක් කිසිදු විසදුමක් ලබාදී නොමැත. ඒ වෙනුවෙන් පරිපාලනයට බල කරමිනි දැවැන්ත උද්ගෝෂණයක් නාවල විවෘත විශ්ව විද්‍යාලය ඉදිරි පිටදී අද(31) පැවැත්විනි. මෙම උද්ගෝෂණයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයද එක් විය.