Friday, August 1, 2014

විවෘතය විකිණීමට තිබේ....


විවෘත විශ්ව විද්‍යාලය පුද්ගලීකරනය කිරිමේ වැඩපිළිවෙලක් සිදුවන බව විවෘත විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුව සදහන් කරයි. මේ පිළිබදව අදහස් දැක්වීමට අද (28) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් පැවති අතර, එහිදී අදහස් දැක්වූ එම එකමුතුවේ සම කැදවුම්කරු අමිල සදරුවන් මහතා සදහන් කර සිටියේ වත්මන් උපකුලපතිවරයා යටතේ විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යන ගාස්තු සිසුන්ට දැරිය නොහැකි ලෙස ඉහල දමා ඇති බවයි. මෙම මාධ්‍ය හමුව සදහා විවෘත විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ අනුෂ්ක ගෝවින්න සහ ධනුෂ්ක සදරුවන් යන මහත්වරුන්ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමිල සදරුවන් මහතා..

''ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවගේ මෙතෙක් ආව ගමන වෙනසක් සිදු වෙමින් පවතින වටපිටාවක ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ ගමනට එකතු කරගන්නට තමයි අපි මේ ක්‍රියාවට නංවන්න උත්සහ කරන්නේ. මීට වසර එකහමාරකට පමණ පෙර විවෘත විශ්ව විද්‍යාලය තුල සියළුම ශිෂ්‍ය ක්‍රියාකාරකම් අහෝසි කරල තිබෙනවා ඒ අහෝසි කිරීම් පරාජය කර නැවත සිසු ක්‍රියාකාරකම් පනගැන්වීමට අපි ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් අපිට ලැබුන අයිතීන් දිනා ගැනීමට අපි නීත්‍යානුකූල මාර්ගයෙන් කටයුතු කරනවා ඒ අනුව අපි මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
              අපි එයින් සදහන් කර සිටින්නේ වර්තමාන උපකුලපතිවරයා පත්වන්නට පෙර එනම් අවුරුදු එකහමාරකට පමණ ඉහතදී සිටි සියළුම උපකුලපතිවරු සිසු සංගම් සහ සිසු අයිතීන් පිළිගෙන තිබුනා. නමුත් මේ වන විට වත්මන් උපකුලපතිවරයා යටතේ විවෘත විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම, ක්‍රීඩා සංගම් අහෝසි කිරීම ඇතුලුව ආගමික කටයුතු සහ සිසු ක්‍රියාකාරකම් අහෝසි කර තිබෙනවා. එපමණක් නොවෙයි මේ තාක් ලෝකයේ සියළු විශ්ව විද්‍යාලතුල ප්‍රතිපත්තියක්ව පැවති පීඨ මණ්ඩල සදහා සිසු සහභාගීත්වය මෙම උපකුලපතිවරයා විසින් අහෝසි කර තිබෙනවා. එසේම විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු සදහා ඉඩකඩ අඩුපාඩු හේතුවෙන් සිසුන් විසින් නිපදවූ බංකු සියල්ල පාලනාධිකාරිය විසින් මේ වන විට කඩා ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි උද්ඝෝෂණ, පෙත්සම් ඉදිරිපත් කලත් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. සියළුම සිසුන් සවස 5.00 වන විට විශ්ව විද්‍යාලයෙන් පිට විය යුතු බවට දැනුම්දී තිබෙනවා. නමුත් පාලනාධිකාරිය පුන පුනා කියනවා මෙහි ඉගෙන ගන්නා 80% ක පිරිසක් රැකියා කරන පිරිස කියලා. එසේනම් රැකියාවක නිරත වන සිසුන් කෙසේද සවස 5.00ට කලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන්නේ. ඔවුන් රැකියාවකර සවස් යාමයේ තමයි විශ්ව විද්‍යාලයට පැමිණීමේ හැකියාව තිබෙන්නේ.
                    විවෘත විශ්ව විද්‍යාලය තුල ශීෂ්‍ය මර්ධනය විශාල වශයෙන් සිදු වෙනවා යම් සිසුවෙක් අයතීන් වෙනුවෙන් හඩ නැගුවොත් ඔහුට උපකුලපතිවරයාගෙන් හෝ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් පුද්ගලික ආරාධනාවක් ලැබෙනවා. එය කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබෙන වැඩපිළිවෙලේ අංගයක් නොවෙයි. ඒ ආරාධනාව නොපිළිගන්නේ නම් ඔහුගේ නිවසට ලිපියක් යවනවා, විනය විරෝධී ලෙස හැසීරීම ලෙස ඔහුට චෝදනා කරනවා. එයට අමතරව විශ්ව විද්‍යාලයෙන් සිසුවා පලවා හැරීමට පාලනාධිකාරිය කිසිදු පසුබෑමක් දක්වන්නෙ නෑ. 
                අද වන විට විශ්ව විද්‍යාලය තුල ආරක්ෂක අංශයන්ට අසීමිත බලයක් ලැබී තිබෙනවා, යම් විනය විරෝධී කියාවක් සිදුවෙනවා නම් එය වැලැක්වීමට ආරක්ෂක නිලධාරීන්ට හැකියාවක් ඇති නමුත් ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ආර්ක්ෂක අංශයන්ට බලයක් නැහැ. නමුත් අද වන විට ආරක්ෂක නිලධාරියා තමයි ශිෂ්‍යන්ගේ විනය ක්‍රියාමර්ග පිළිබද තීරණය කරන්නේ. ඒ පිළිබද පාලනාධිකාරිය දන්නෙවත් නෑ. එක් එක් අයගේ පුද්ගලික තීරණ මත විශ්ව විද්‍යාලය පාලනය වෙමින් පවතිනවා.
                         මේ ආකාරයට කටයුතු කිරීම තුලින් ඉදිරියේදී විවෘත විශ්ව විද්‍යාලය මහජනතාවට නැති වේවි. දැනට විවෘත විශ්ව විද්‍යාලය පුද්ගලීකරණය වෙමින් පවතිනවා. එය රාජ්‍ය ලංඡනය යටතේම සිදුවන බවට අපට පෙනීයනවා. මේ වන විට වසරකට රු. 50,000ක් පමණ සිසුන්ගෙන් ගාස්තු අයකරනවා. එනම් විවෘත විශ්ව විද්‍යාලය මේ රටේ මුදල් ඇති සුළුතර පිරිසකට පමණක් සීමා කිරීමට කටයුතු කරමින් සිටිනවා. එනම් තවත් එක් පුද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමයි.
     මෙතෙක් විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු වසරින් වසර 10%න් වැඩි වුනා එය ජීවන වියදමට සහ වැටුප් වැඩි වීමට සාපේක්ෂව ගත් කල බෙහෙවින් අසාධාරණ ගාස්තු අයකිරීමක් නමුත් එම ක්‍රමවේදය යටතේ සිසුන් අධ්‍යාපනය ලැබුවා. වත්මන් උපකුලපතිවරයා යටතේ පළමු අධ්‍යන වර්ශයේදී 40%කින් වැඩිවුනා ඒ වෙනුවෙන් අරගල කරපු ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යභාවය අද වන විට අහෝසි කරල තිබෙනවා. මේ වසරෙත් යෝජිත ශිෂ්‍ය ගාස්තු 50% පමණ ඉහල යෑමට නියමිතයි. මෙය විශ්ව විද්‍යාලයට අලුතින් එන ශිෂ්‍යයන්ට සහ ඉගෙන ගන්නා සිසුන්ට දරන්න අපහසුයි.වසරකට 5000 – 6000 ක් පමණ සිසුන් පිරිසක් ලියාපදිංචි වන තත්වයක පැවති විවෘත විශ්ව විද්‍යාලය අද වන විට සිසුන් 200 පමණ ආසන්න ප්‍රමාණයක් දක්වා ලියාපදිංචි වන තත්වයකට පත් වෙලා. පාලනාධිකාරිය අදහස් කරන්නේ විශ්ව විද්‍යාලය ලාබ ලබන අයතනයක් විය යුතුයි කියලා නමුත් ශිෂ්‍යයින් ලෙස අපි දකින්නේ විශ්ව විද්‍යාලයක් යනු සේවා සපයන අයතනයක්, ලාබ ලැබීමටනම් විශ්ව විද්‍යාලය මාලු කඩයක් හෝ මස් කඩයක් විය යුතුයි.

     අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සෑම ඕනෑම සිසුවෙක්ට විවෘත විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න හැකියාව ඇති කිරීමයි. ලංකාවේ සිසුන් ලක්ෂ දෙදක් පමණ උසස් පෙළ ලියද්දී එයින් විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබන්නේ 20,000 ක පමණ ප්‍රමාණයක් පමණයි ඉතිරි එක්ලක්ෂ අසූදහස පිළිබද කිසිදු කතාවක් නෑ. එයින් යම් සිසුන් ප්‍රමාණයකට විවෘත විශ්ව විද්‍යාලය තුලින් ඉදිරි අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබෙනවා එය නිදහස් අධ්‍යාපන ක්‍රමය පවතින තාක් තිබිය යුතුයි. විශ්ව විද්‍යාලයේ යම් නීති පද්ධතියක් තිබෙනවා අපි ඒ නීති පද්ධතියට එකගයි එයට ගරු කරනවා. ඉන් එහාට යන මේ ගමනට අපි පැහැදිලිවම විරෝධය දක්වනවා මෙය පාලනාධිකාරියේ පුද්ගලික දේපලක් නොවෙයි,මෙය රටේ දේපලක් එය පුද්ගලීකරණය කිරීමට පාලනාධිකාරියට අයිතියක් නැහැ, ඒ නිසා පැහැදිලිවම විවෘත විශ්ව විද්‍යාල පුද්ගලීකරණය කරන මේ වැඩ පිළිවෙළට විරුද්ධව නැගී සිටිනවා, ඒ වෙනුවෙන් අපි යන ගමන අඛණ්ඩව සිදු කරනවා, එ් වෙනුවෙන් වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව සහ මහජනතාව එක්ව අරගල කරන්න සූදානම් කියලා අපි කියනවා''.

1 comment: