Tuesday, August 26, 2014

විවෘත විශ්වවිද්‍යාලය බහිරව සංස්කෘතියක් කරා



දිලිනි ගමගේ
ගතවුණු වසර එකහමාර තුළ විවෘත විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපිට විෂය බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදීම උපකුලපතිවරයා සම්පූර්ණයෙන්ම තහනම් කළා. ගිය වසරේ පාඨමාලා ගාස්තු 40%කින් වැඩි කළා. මේ වසරේ සමස්තයක් විදිහට හැම පාඨමාලාවක්ම ගාස්තු 80%කින් ඉහළ යවලා. මේ වගේ තත්ත්වයක අපි ඉගෙන ගන්නේ හුඟාක් අමාරුවෙන්. අපිට වෙන අසාධාරණකම්වලට විරෝධතාවක් දක්වන්න පරිපාලනය ඉඩදෙන්නේ නැහැ. ගිය අඟහරුවාදා මේ අසාධාරණකම්වලට එරෙහිව නිහඬ විරෝධතාවක් දක්වපු අපේ ශිෂ්‍යයන් හතරදෙනකුගේ ශිෂ්‍යභාවය පරිපාලනය විසින් අහෝසි කළා.’ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයකු එහි වර්තමාන තත්වය ගැන කියූ දැෑය.
විවෘත විශ්වවිද්‍යාලය
1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දූරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ අභිලාෂයෙනි. ආරම්භයේ සිටම ගුණාත්මක සහ සුවිශිෂ්ට අධ්‍යාපනයකට මාර්ගය සැපයූ විවෘත විශ්වවිද්‍යාලය 2009 වර්ෂය වනවිට මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින් 04 වන ස්ථානය තරම් ඉහළ තත්ත්වයක පසුවිය. සිසුන් 38,000කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන පීඨ 04ක් සහ දිවයින පුරා විසිරී පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන 21කට අධික සංඛ්‍යාවකින් යුත් විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සහ පරිපාලන ගුණාත්මකභාවයට මෑතක සිට අත්ව ඇත්තේ එතරම් සුබවාදී තත්ත්වයක් නම් නොවේ.
විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර 2011 වර්ෂය අවසාන භාගයේදී සිය ධුරයේ වැඩභාරගැනීමෙන් පසු ගතවූ වසර 02ක පමණ කාලය තුළ විවෘත විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල 09 වන ස්ථානය දක්වා පහළට ඇද වැටුණි.
විවෘත විශ්වවිද්‍යාලයට අත්ව ඇති මේ ඉරණම පසුපස ඇති තත්ත්වය සමාලෝචනය කරනු ලැබුවහොත් එහිලා හේතුවූ මූලික අර්බුද කිහිපයක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමට එහි පරිපාලනය දරන උත්සාහයයි. දෙවැන්න විශ්වවිද්‍යාලයේ පරමාර්ථයන් අතික‍්‍රමණය කරමින් එහි පාඨමාලා සඳහා අයකරන ගාස්තු 80%කින් ඉහළ නැංවීමට පරිපාලනය කටයුතු කර තිබීමයි. තුන්වැන්න විශ්වවිද්‍යාලය සතු දේපළ කිසිදු වගවිභාගයකින් තොරව පිටස්තර ආයතනවලට කුලියට දීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ඇති හැකියාවයි. සිව්වැනි සහ වඩාත්ම බරපතළ ගැටලූව වනුයේ විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයා සෙසු ආචාර්යවරුන්ගේ අදහස් සැලකිල්ලට නොගන්නා ඒකාධිපතියෙකුගේ තත්ත්වයට පත්ව තිබීමයි.
ශිෂ්‍ය දේශපාලනය තහනම්
2011 වර්ෂයේ උපකුලපතිවරයා විවෘත විශ්වවිද්‍යාල පරිපාලය සියතට ගනුයේ සැමට අධ්‍යාපනය ලබාදීමේ පරමාර්ථය පසෙකලා පෞද්ගලික විශ්වවිද්‍යාල සමග තරග කිරීමේ පරමාර්ථයෙනි. එහි පළමු පියවර වනුයේ විවෘත විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය තහනම් වීමයි. එතෙක් බොහෝ සෙයින් සක‍්‍රියව පැවැති විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය 2012 වසරේ පෙබරවාරි 14 වන දිනයෙන් අවසන් වේ. එතැන් පටන් මේ දක්වා මහා ශිෂ්‍ය සංගමය නැවත ස්ථාපනය කිරීමේ උත්සාහයන්ට විශ්වවිද්‍යාල පරිපාලනය බාධා පමුණුවමින් සිටී. 
මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය අවසන්වූ දින සිට දින 30ක් ඇතුළත නිලවරණයක් පවත්වමින් ඒ සඳහා නව ශිෂ්‍ය නියෝජිතයන් තෝරා ගතයුතු වුවද ඒ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලබාදිය යුතු අනුමැතිය මෙතෙක් හිමිව නොමැත. ශිෂ්‍යයන් මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරුන්ගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එය උපකුලපතිවරයාගේ තීරණයකි යන්න පමණි. සිය තීරණය පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයන් හෝ මහා ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ධුරය හොබවන ආචාර්යවරයා හෝ දැනුවත් කරන්නට උපකුලපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැත.
විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් එකට එක්වී සිය අධ්‍යාපන කටයුතුවල යෙදීම, දේශන ශාලාවල දොර විවෘත කරගැනීම, කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කිරීම, නේවාසිකාගාරවල රැුඳී සිටීම වැනි කරුණු පවා පංති තහනමකට ලක්වීමට හේතුවන කරුණු බවට පත්ව ඇත. ‘විශ්වවිද්‍යාලය ඇතුළෙ අපිට පාඩම් කරන්න තැනක් නැහැ. 38,000ක් අධ්‍යාපනය ලබන මෙතන පුස්තකාලය තුළට යන්න පුළුවන් ශිෂ්‍යයන් 250කට විතරයි. අපිට පාඩම් කරන්න ඉඩ පහසුකම් නැති නිසා අපේ වියදමින්ම මේස ටිකක් හදාගත්තා. ඒවා පරිපාලනයේ අය ඇවිත් කඩලා බිඳලා දැම්මා, විශ්වවිද්‍යාලයේ අලංකාරය නැතිවෙනවා මේ මේසවලින් කියලා.’
දැඩි නීති
සවස 5 සිට පසුදා උදෑසන 7 දක්වා කාලය තුළ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ රැුඳීසිටීම ‘නීති විරෝධී’ කි‍්‍රයාවක් කොට ඇත. ශිෂ්‍යයන් සවස 5ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වීම අනිවාර්ය වේ. අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් පුස්තකාලය තුළ නොමැති අවස්ථාවක වුව අධ්‍යාපන කටයුතු සඳහා දේශන ශාලා විවෘත කරගැනීමට නම් පීඨාධිපතිවරුන් දැනුවත් කර ඒ හරහා උපකුලපතිවරයාගෙන් අවසර ගැනීමද අනිවාර්ය වී ඇත. මේ වනවිට විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩාංගණය තුළ කී‍්‍රඩා කිරීම තහනම් කි‍්‍රයාවකි. යම් ශිෂ්‍යයෙකු කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩාකිරීම විශ්වවිද්‍යාලය තුළ අවිනීත ලෙස හැසිරීම නම් වරද යටතට ගැනෙන කි‍්‍රයාවකි.
සෑම අධ්‍යයන වර්ෂයක් පුරාම දිවයිනේ නොයෙක් දෙසින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගනුයේ විශ්වවිද්‍යාලය විසින්ම සපයන නේවාසිකාගාර පහසුකම්ද ප‍්‍රයෝජනයට ගනිමිනි. එහෙත් මේ වසරේ සිට එම තත්ත්වයද වෙසකට ලක්ව ඇත. පරිපාලනයේ නව නීතිවලට අනුව ශිෂ්‍යයෙකුට විවෘත විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැුඳී සිටීමට හැකිවන්නේ වසරකට උපරිම දින 30ක් පමණි. ඒ සඳහා පරිපාලනය විසින් දින 30ක් ලකුණු කරන ලද කාඞ්පතක් නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් වෙත ලබාදී ඇත. මෙවැනි පසුබිමක දුරබැහැර ප‍්‍රදේශවල සිට පැමිණෙන, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාපේක්ෂව ඉහළ මිල ගණන් අය කරන පෞද්ගලික නවාතැන් සොයා යෑමට සිදුව ඇත.
කලාව තහනම්
වසර 33කට අධික කාලයක සිට විවෘත විශ්වවිද්‍යාලය තුළ පැවති සංස්කෘතික සංදර්ශන, කලා කටයුතු සහ ආගමික උත්සව 2012 වසරේ සිට තහනමට ලක්වන්නේ උපකුලපතිවරයාගේ නියමයෙනි. මෙම උත්සව සංවිධානය කරලීම සඳහා මූලිකත්වය ගනු ලබන සිසුන් ආයතනයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කරනුයේ විශ්වවිද්‍යාලයේ නීතිරීති උල්ලංඝනය කළ වරදකරුවන් ලෙස හඳුන්වා දෙමිනි.
පරිපාලනය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ අදහස්, යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කළ හැකි පීඨ සභා රැුස්වීම්වලට සහභාගිවීමට ශිෂ්‍යයන්ට අවස්ථාව අහුරා දැමීමට විශ්විවද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල පීඨ සභා රැුස්වීමක අනිවාර්යයෙන් නියෝජනය විය යුතු ඒකක අතුරින් ශිෂ්‍ය නියෝජිතයන් යනු ප‍්‍රධානම ඒකකයකි. පීඨ සභාවක් රැුස්වෙමින් ගනු ලබන තීන්දු තීරණයන් ශිෂ්‍යයන්ට බලපාන ආකාරය පිළිබඳ ශිෂ්‍ය නියෝජිතයන්ගේ අදහස් විමසීම එහිදී සිදුවේ. එහෙත් ගතවූ වසර දෙකකට අධික කාලය පුරාවටම විවෘත විශ්වවිද්‍යාලයෙහි රැුස්වූ කිසිදු පීඨ සභා රැුස්වීමකට ශිෂ්‍ය නියෝජිතයන් සහභාගි නොවූයේ පරිපාලනය විසින් ගෙනයන ශිෂ්‍ය මර්දනය නිසාය. ඒ අනුව මෙතෙක් රැුස්වූ පීඨ සභාවන් සහ ඒවා මගින් ගනු ලැබූ තීන්දු තීරණ කි‍්‍රයාත්මකවීමද පාර්ශ්වික සහ නීති විරෝධී කටයුත්තකි.
උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීම් සහ පංති තහනම්වලට ලක්කිරීම් සිදුකරයි. එහිදී උපකුලපතිවරයාගේ කි‍්‍රයාකාරීත්වය බලධාරියෙකු විසින් ශිෂ්‍යයෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ගයන් කි‍්‍රයාත්මක කළ යුතු කි‍්‍රයාපටිපාටිය පවා උල්ලංඝනය කරන ආකාරයේ එකකි. විශ්වවිද්‍යාලයේ නීති කඩකිරීමක් පිළිබඳ ශිෂ්‍යයෙකු කිසියම් චෝදනාවකට ලක්වූ සැණින් සිදුවනුයේ අදාළ ශිෂ්‍යයාගේ දෙමව්පියන් වෙත ලිපියක් යවමින් ඔවුන් විශ්විවද්‍යාලය වෙත ගෙන්වීමයි. ඒ හරහා එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ බලපෑම හරහා මර්දනය කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා අතර දින නියමයකින් තොරව එම ශිෂ්‍යයාට විශ්විවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කරයි. එහිදී ආචාර්ය විජිත නානායක්කාර උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සතු ස්වකීය කි‍්‍රයාකාරකම්හි නිරතවීමේ අයිතිය සහ ශිෂ්‍ය ප‍්‍රජාව සතු නිදහසේ කටයුතු කිරීමේ අයිතිය දැඩි සේ මර්දනය කර ඇත.
ගාස්තු ඉහළට
විවෘත විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකවූ අරමුණු රාශියකි. ඉතාම සාධාරණ මුදලකට අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාව ඒ අතුරින් ප‍්‍රධාන කරුණකි. ඒ නිසාම විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා පවත්වාගෙන යාමට වැයවන මුදලින් ඉතා සුළු මුදලක් පමණක් ශිෂ්‍යයන්ගෙන් අයකර ගනිමින් පාඨමාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිවැයෙන් ඉතා විශාල කොටසක් රජය විසින් දැරීම මෑතක් වනතුරුම සිදුවිය. ඊට ප‍්‍රධානම හේතුව වූයේ විවෘත විශ්වවිද්‍යාලයේ අරමුණ මුදල් ඉපයීම නොවීමයි. එහෙත් මේ වනවිට එම අරමුණ වෙනස්ව ඇත. වර්තමාන විවෘත විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ වී ඇත්තේ මුදල් ඉපයීම පමණි.
විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම පොදුවේ ගත්කල පියවර ගණනාවකින් සමන්විත එකකි. එහි පළමු සහ දෙවැනි පියවර පදනම් පාඨමාලා ලෙසත්, තුන්වැනි සහ හතරවැනි පියවර ඩිප්ලෝමා මට්ටම ලෙසත්, පස්වැනි සහ හයවැනි පියවර උපාධි මට්ටම ලෙසත් හඳුන්වාදේ. මේ එක් එක් ඒකකයක් සඳහා නිශ්චිත මුදලක් අයකරගනු ලබන අතර එම මුදල වසරින් වසර ඉතා සුළු අගයකින් ඉහළ නැංවීම සිදුවේ. මෙතෙක් පැවතුණු සම්ප‍්‍රදායට අනුව යම් වර්ෂයක අයකරගත් මුදල ඊට පෙර වර්ෂය තුළ අයකරගත් මුදලට වඩා වැඩිවන්නේ 10%කට ආසන්න ප‍්‍රමාණයකිනි. දශක 3කට අධික කාලයක් තුළ පැවත ආ මෙම සම්ප‍්‍රදාය නව උපකුලපතිවරයා විසින් වෙනස් කරනුයේ ඇතැම් පාඨමාලා ගාස්තු 150% තරම් අධික අගයන්ගෙන් ඉහළ නංවමිනි.
මෙම වසරේ පදනම් පාඨමාලා මට්ටම සඳහා ඒකකයකට අය කිරීම රුපියල් 400 සිට රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇත. මේ වැඩිවීම මුල් අයකිරීම මෙන් දෙගුණයකටද වඩා වැඩිය. ඩිප්ලෝමා පාඨමාලා මට්ටම සඳහා ඒකකයක අයකිරීම රුපියල් 500 සිට 1100 දක්වා 120%කින් ඉහළ නංවා ඇත. උපාධි පාඨමාලා මට්ටම සඳහා ඒකකයක මිල ඉහළ නැංවීම රුපියල් 1000 සිට 1200 දක්වා 20% වශයෙන් වේ.
ඉංජිනේරු තාක්ෂණ විෂය සඳහා 2013/2014 අධ්‍යයනය වර්ෂය තුළ පළමු සහ දෙවැනි පාඨමාලා හැදෑරීමට අයකරනු ලැබූ මුදල 14,400 කි. එහෙත් 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා අයකරගැනීම රුපියල් 36,000කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා හැදෑරීමට අයකරගනු ලැබූ මුදල රුපියල් 22,500කි. එය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 49,500 කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ පස්වැනි සහ හයවැනි පාඨමාලා හැදෑරීමට අයකර ඇති මුදල රුපියල් 45,000කි. මෙම අගය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 54,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
ස්වාභාවික විද්‍යා පීඨයේ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂය තුළ අයකරනු ලැබූ මුදල රුපියල් 29,592කි. එය 2013/2014 අධ්‍යයන වර්ෂය වනවිට රුපියල් 39,600 දක්වා ඉහළ නංවා ඇත.
මෙම පාඨමාලා ගාස්තුවලට අමතරව ශිෂ්‍යයන්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද අයකර ගන්නා අතර එය ආසන්න වශයෙන් රුපියල් 2,000ක මුදලකි. මෙම සියලූ පාඨමාලා ගාස්තු තීරණය කිරීමත් ඒවා කි‍්‍රයාවට නැංවීමත් සිදුවන්නේ හුදෙක් උපකුලපතිවරයාගේ රුචිඅරුචිකම්වලට අනුවය. එම නිසා ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදේ.
අවම අයදුම් කිරීම්
විශ්වවිද්‍යාලයේ ඇතැම් පාඨමාලාවන්හි ගාස්තු ඉහළ නංවන්නට උපකුලපතිවරයා ගෙන ඇති අදූරදර්ශී පියවර නිසාවෙන් ඒ ඇතැම් පාඨමාලා සඳහා මෙවර ලැබී ඇත්තේ ඉතා සුළු අයදුම් පත‍්‍ර සංඛ්‍යාවකි. 2011 වර්ෂයේදී ඉංජිනේරු තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා අයදුම් පත‍්‍ර 6000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී එම පාඨමාලාව සඳහා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර ඇත්තේ සිසුන් 300කටත් අඩු ප‍්‍රමාණයකි.
ස්වාභාවික විද්‍යා උපාධි පාඨමාලාව සඳහා 2010 වර්ෂයේදී අයදුම්පත් 1200 – 1300ත් අතර ප‍්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී ඉදිරිපත්වූ අයදුම්පත‍්‍ර සංඛ්‍යාව 500ක් දක්වා පහත වැටී ඇත.
මීළග අධ්‍යයන වර්ෂය තුළ පාඨමාලා සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත‍්‍ර එවිය යුතු අවසන් දිනය මේ වනවිට ඉකුත්ව ගොස් ඇත. එහෙත් උපාධි පාඨමාලා සඳහා ලැබී ඇති අයදුම් පත‍්‍ර ප‍්‍රමාණය ඉතා අවම වීම නිසාවෙන් නැවතත් අයදුම් පත‍්‍ර කැඳවීමට විවෘත විශ්වවිද්‍යාල බලධාරීන්ට සිදුව ඇත. ඒ අනුව වරක් අයදුම් පත‍්‍ර කැඳවූ උපාධි පාඨමාලාවන්ට මේ වසරේ සැප්තැම්බර් මාසයේ දෙවැනි සතියේ සිට නැවතද වතාවක් අයදුම්පත‍්‍ර කැඳවීමට නියමිතය.
‘අපි මහපොළ ශිෂ්‍යාධාරලාභීන්. අපිට ලැබෙන ඒ මුදල පාඨමාලා ගාස්තුවට වැයවන මුදලෙන් අඩුවෙන විදිහටයි මේ වෙනකම් සැලසුම් කරලා තිබුණේ. ඒත් අද වෙද්දී මගේ පාඨමාලා ගාස්තුවෙන් කිසිම මුදලක් අඩුවෙලා නැහැ. ඒ ගැන අපිට අහලා බලන්නවත් වගකිවයුතු නිලධාරියෙක් විවෘත විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ නැහැ.’
මහපොළ අහිමියි
මහපොල ශිෂ්‍යාධාර අරමුදල මගින් අඩු ආදායම්ලාභී දරුවන්ට ලබාදෙන මුදල් ආධාරය විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ට විධිමත් ආකාරයට ලබාදෙනවාද යන්න සොයාබැලීම සඳහා විශ්වවිද්‍යාලය තුළ නිසි බලධාරියෙක් නොමැත. ගතවූ වසරක පමණ කාලය පුරාවට විවෘත විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය හිමිව නොමැත. ඒ පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදී ඇති පිළිතුර වන්නේ අදාළ කාරණය උපකුලපතිවරයාගෙන් අසා දැනගන්නා ලෙසයි.
ශ‍්‍රීලනිප අපේක්ෂකයා
ආචාර්ය විජිත නානායක්කාර යනු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර ආසනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර එයින් පරාජයට පත්වූ අපේක්ෂකයෙකි. දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයෙකු උසස් අධ්‍යාපන ආයතනයක ඉහළ තනතුරකට පත්වීමේ ශෝචනීය විපාකයන් විවෘත විශ්වවිද්‍යාලය හරහා මේ වනවිට දැකගත හැක.
විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති   - මහාචාර්ය උපාලි විදානපතිරණ
මම විවෘත විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ කිසිදු ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ තත්ත්වය ගැන කතා කරන්න මම කැමති නැහැ. විශේෂයෙන්ම මේ වෙද්දි මම විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට කටයුතු කළා කියන එක පවා මම අමතක කරලයි ඉන්නේ.
විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති  - ආචාර්ය විජිත නානායක්කාර
පාඨමාලා ගාස්තු ඉහළ දැමීමට ප‍්‍රධාන හේතුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අපට ලබාදෙන මුදල් සීමා කර තිබීමයි. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න මේ වැඩි කරපු මුදලත් මදිවෙලා තියෙන්නේ. හරි නම් ඇතැම් පාඨමාලා ගාස්තු 300%කින් ඉහළ යවන්න ඕනෑ
විවෘත විශ්වවිද්‍යාලය සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාලයට වඩා වෙනස්. මේ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන්නේ දුරස්ථ අධ්‍යාපනයක්. ඒ නිසා ඔවුන්ට නේවාසිකාගාර දීම අපේ වගකීමක් නෙමෙයි. විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන්නේ තාවකාලික නවාතැන් පහසුකමක් විතරයි. ඒක අපි වසරකට දින 30කට සීමා කළේ සමහර ශිෂ්‍යයෝ නේවාසිකාගාරයේ ඉඳලා රැුකියාවට යනවා. ඒක කරන්න ඉඩදෙන්න බැහැ.
වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පිහිටුවීමට අවසර දිය යුතු වුවත් විවෘත විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය සංගම් පිහිටුවන්න අවසර දෙන එක මට ප‍්‍රශ්නයක්. මොකද කොළඹ නිලවරණයක් පවත්වද්දී ඒකට ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ ඉතාම සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක්. එහෙම අඩු ඡුන්ද ප‍්‍රමාණයකින් පත්වෙන නායකයන් ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් විදිහට පිළිගන්න බැහැ. මම තාමත් විවෘත විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට අවසර ලබාදීමේ තීරණයේ නැහැ. ඊට හේතුව විවෘත විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන පිරිසෙන් 40%කටත් වඩා පිරිස අවුරුදු 30ට වඩා වැඩි වයසකින් යුතු අය. ඒ අය තමන්ගේ විවිධ අවශ්‍යතා මූලික කරගෙන ශිෂ්‍ය සංගම් පිහිටුවා ගන්න පුළුවන්. ඒක විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්.
ඉස්සර අපි විවෘත විශ්වවිද්‍යාලය හවස 6.30-7 වෙනකම් ඇරලා තිබුණා. ඒත් ළමයි හවස් වරුවේ ගහගෙන තුවාල කරගෙන ප‍්‍රශ්න ගොඩක් ඇතිකර ගත්තා. ඒ වගේ වෙලාවලට අපිට එයාලාගේ ජීවිතාරක්ෂාව ගැනත් වගකියන්න වෙනවා. මේ විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් විදිහට නෙවෙයි තක්කඩියන් විදිහට වැඩ කරපු පිරිස් හිටපු නිසා හවස 5 වෙද්දි සියලූම ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන්න අපි තීරණය කළා.
අපි විවෘත විශ්වවිද්‍යාලයේ දේශන ශාලා කුලියට දෙනවා තමයි. ඒක කරන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ හොඳට. ඒ ලැබෙන මුදල් විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න ප‍්‍රයෝජනයට ගන්නවා.
විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරි  - එම්.වී. රණසිංහ
මට විවෘත විශ්වවිද්‍යාලය ගැන පත්තරවලට කිසිම දෙයක් කියන්න බැහැ. මගෙන් මොකුත් අහන්න එපා.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. විජිත නානායක්කාර කියන්නේ හරියට ලමයෙක්වත් හදාගන්න බැරි පොන්නයෙක්. ඌ හදපු එකම ලමයත් අබ්බගාතයි. ඌ එකයි ඉගෙන ගන්න හොදට දුවලා පැනලා ඉන්න ලමයින්ට ඔච්චරම අකමැති. ඒක තම තිත්ත ඇත්ත.

    ReplyDelete