Monday, February 2, 2015

මෛත්‍රි ආණ්ඩුව පාසැල් තුළ මුදල් අය කිරීම නිත්‍යනුකූල කරයි


පසුගිය ජනවාරි 28 වන දින, එනම් තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. චක්‍රලේඛ අංක 05/2015 ලෙස සඳහන් මෙය සියලුම පළාත්,කලාප හා කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත්,සියලුම් විදුහල්පතිවරුන්ටත් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ " පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම කිරීම" නමිනි. මීට පෙර සිටම අධ්‍යාපන ඇමතිවරයා පාසල්වල සිදුකරන "අනවශ්‍ය"මුදල් අයකිරීම නවතන බව මාධ්‍යයන්ට සඳහන් කර තිබුණි. ඒ මොහොතේද අපි "අනවශ්‍ය" යන විශේෂනය කුමක්ද? එසේ නම් "අවශ්‍ය" මුදල් අයකර ගැනීම ගැටළුවක් නොවේද යන ප්‍රශ්න්ය මතු කරන ලදී. කෙසේ නමුත් පාසල්වල මුදල් අයකිරීම නැවැත්වීමේ ලේබලයෙන් ගෙන ආ මෙම චක්‍රලේඛය හරහා 1947 දී නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමෙන් පසු පළමුවරට ලංකාවෙ පාසැල් තුළ සිසුන්ගෙන් ගාස්තු අයකිරීම නීතිගත කර ඇත.

ඒ සඳහා මෙහි සඳහන් ප්‍රතිපාදන් පහත පරිදි වේ.

01) මෙහි 01 සහ 02 වගන්ති වලින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පසුගිය කාලය පාසල්වල් විවිධ හේතු දක්වමින් සිසුන්ගෙන් මුදල් අයකළ බව හා එය සාමාන්‍යකරනය කර ඇති බවත් සඳහන් කර ඇත. එමෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්ති වලට අනුව සිසුන්ගේන් හෝ දෙමාපියන්ගෙන් එවැනි මුදල් අයකිරීම් සපුරා තහනම් කරන බවද, එසේ මුදල් අයකළහොත් අඳාළ පුද්ගලයින්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත. මතුපිටින් බලන්නෙකුට මේ සැරසෙන්නේ පසුගිය කාලයේම විවිධ හේතු දක්වමින් පාසල් තුළ මුදල් අයකිරීම් හරහා සිසුන්ට හා දෙමාපියන්ට සිදුවූ පීඩනය නවරජයෙන් අහෝසි කිරීමට බවට වැරදි වැටහීමක් වුවත් ඇතිවීමට ඉඩතිබේ.

02)  03,04 වැනි වගන්ති වලිනුත් එවැනිම වටයක් ගසා අඳාල කරුණ වෙත පැමිනෙන්නේ 05 වැනි වගන්තියෙනි.

”05,
          5.1, 5.2”
 ආණ්ඩුව මේ හැරෙන්නේ කුමටදැයි වැටහෙන්නේ එවිටය. මේ අනුව මෙතෙක් නීතිගත කර තිබූ අනුමත පහසුකම් හා සේවා ගාස්තු වලට අමතරව ” පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට” ද මුදල් අයකළ හැකිබව සඳහන් කර තිබේ. මෙම ‘අනවශ්‍ය වියදම්‘ වලට උදාහරණ ලෙස දක්වා තිබෙන්නේ විදුලිබිල, දුරකථන බිල්, සහ ආරක්ෂක වියදම්ය. මේ අනුව පාසැලේ විදුලි බිල, මුරකරුවන්ට ගෙවන වැටුප පවා සිසුන්ගෙන් අයකරගැනීම නීතිගත කර ඇත. ඒ අනුව මෙතෙක් නිතියක් නොමැතිව පසුගිය කාලයේ පාසල් වලින් සිදුකළ මුදල් අයකිරිම නව ආණ්ඩුවේ ”ඊනියා රාජ්‍ය ප‍්‍රතිපත්තිය ” අනුව නීතියේ ලෙසටම කිරීමට බලය  ලබා දී ඇත.

03) 06 වැනි වගන්තියෙන් පාසලේ ”අනවශ්‍ය වියදම්” පියවාගැනීමට මුදල් අයකරගන්නා ආකාරය සඳහන්    කර ඇත. පළමුවෙන්ම පාසැල්වල  වියදම් ඇස්තමේන්තු සැසීම, ඉන්පසු රජයෙන් වෙන්කරන මුදල් පුරෝකථනය කර වියදම් සඳහා තවදුරටත් අවශ්‍ය මුදල ගනනය කිරීම(රජයෙන් අවශ්‍ය මුදල් ප‍්‍රමාණය ඉදිරියට ලබ නොදෙන බව පිලිගෙන ඇත.) එම මුදල් ප‍්‍රමාණය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකු සඳහා මුදල ගනනය කිරීම හ එය අධ්‍යාපන අමාත්‍යාංශයට යවා අනුමත කරගෙන නිල වශයෙන්ම මුදල් අයකර ගැනීමට සරල ගණිත ක‍්‍රම ඔස්සේ උපදෙස් දී ඇත. මෙහි හරය නම් සියළු සිසුන් පාසලට ඉදිරියේද  පෙර ලෙසම හෝ ඊට වැඩියෙන් ගාස්තු ගෙවිය යුතු බවයි.

04) 07 වැනි වගන්තියේදී (ii) කොටසේ දක්වා ඇත්තෙ මෙම ”ඊනියා නිත්‍යානුකූල ගාස්තු” ගෙවීමට අපහසු සිසුන් ඇත්නම් ඒවා නොගෙවා සිටීමටනම් ග‍්‍රාම සේවක සහතිකයක් ගෙනැවිත් ඉදිරිපත් කළ යුතු බවයි.

  05) ඉතිරි වගන්ති තුළින් සිසුන්ට බිල් කඩන ආකාරයත්, එහිදී ලබාදිය යුතු බිල් වර්ගවල ආකාරයත් ආදිය දක්වා ඇත.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මඟින්  පෙර නොවූ විරූ පරිදි අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අඩු කරමින් ක‍්‍රමාණුකූලව පාසල් තුළ සිසුන්ගෙන් මුදල් අය කිරීමට නොනිල අවසරයක් ලබාදෙන ලදී. එය මේ වන විට ගුරුවරුන්ට වැටුප් ගෙවීම හැර පාසලේ සියලූම කටයුතු වල (ඩෙස් බංකු සෑදීම, ගොඩනැගිලි සෑදීම , බිත්ති වල තීන්ත ගෑම ආරක්ෂක වියදම්, බිල් ගෙවීම, උත්සව පැවැත්වීම ) වියදම සිසුන් හා දෙමාපියන් මත පටවා ඇත.  ඒ හරහා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කර තිබේ. පාසලට මුදල් ගෙවීමට සිසුන්ට හොරකමේ යන්නට සිදුවීම උදාහරනයකි. අඩු ආදායම් මට්ටම් වල සිටින බහුතරයක් ජනතාව සහිත රටක නිදහස් අධ්‍යාපනය සුරකින බව සඳහන් කරන පාලකයන්ගේ මෙම උත්සහය නින්දාසහගතය ආරක්ෂාව සඳහා යැයි කියමින් තවමත් අධිකව මුදලක් අයවැයෙන් වෙන් කරන රටක පාසල් වල මුරකරුවන්ට වැටුප් ගෙවීමට බාරවී ඇත්තේ දෙමාපියන්ටයි.

මෙම තත්වය වෙනස් කිරීමට පාසල් වල මුදල් අය කිරීම නැවැත්වීමට  බව සඳහන් කරමින් ගෙන එන මෙම චක‍්‍රලේඛය හරහා පසුගිය කාලයේ සිදුකල එම නොනිල ක‍්‍රියාවලිය නීතිගත කර ඇත. ජනතාව රවටාඅ ඇත.  අධ්‍යාපනයට  දල දේශීය නිශ්පාදනයෙන්  6%ක් වෙන් කරන බවට පාරම්භාන ආණ්ඩුවට එසේ ප‍්‍රතිපාදන වැඩි කරයි නම් මෙසේ මුදල් අය කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලි කල යුතුය. 6%ක් වෙන් කිරීමේ සත්‍ය අසත්‍යභාවය අප තේරුම් ගත යුත්තේ මෙසේය. මෙම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මනාව හෙලිදරව් කරන්නකි. එබැවින් ඉතිහාසයේ පළමුවරට සිදුකල මෙම ක‍්‍රියාවලියට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සියළු බලවේගවල එකතුවෙන් අරගල කල යුතුය

No comments:

Post a Comment