Monday, August 4, 2014

ක‍්‍රීඩා කළත් පන්ති තහනම් වන ‘හරි අපූරු වාසිටිය’


පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කුඩා දරුවන් පිරිසක් වට කොට ගෙන සිය දෑතින් පපුවට ගසා ගනිමින් පැවසුවේ කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙන එන විට එදා ඊට විරුද්ධ වූ අය වත්මන් රජය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළට ද විරුද්ධ වෙමින් සිටින බවයි. ජනාධිපතිවරයාගේ මෙකී වදන් අසා සිනහ විය යුත්තේ කොතැනින්දැයි සිතා ගත නොහැකිව අප විපිළිසර වේ.
මහින්ද චින්තනයේ දවටා ඇත්තේ නිදහස් අධ්‍යාපනය වුවත්, එහි ඇතුළාන්තයේ ඇත්තේ අධ්‍යාපන පෞද්ගලිකකරණය බව මෙරට ඇස් කන් ඇති සියල්ලෝ දන්නා කරුණකි. අප මේ හෙළි කරනු ලබන්නේ අධ්‍යාපන පෞද්ගලිකකරණයේ තවත් එක් කඩඉමක් පිළිබඳවයි.
1978 දී උසස් අධ්‍යාපන පනත යටතේ පිහිටුවන ලද ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවන ලද්දේ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට හිමි නෛතික හා ශාස්ත‍්‍රියභාවය උරුම කර දෙමිනි. උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශවීමට නොහැකි වූ හා ආර්ථික අවශ්‍යතා මත රැුකියාවන්හි නිරතවන පුද්ගලයින්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අපේක්ෂාවෙන් පිහිටුවන ලද මෙම විවෘත විශ්වවිද්‍යාලය ලාභ උපයන ආයතනයක් නොව, හුදෙක් එය සේවා සපයන ආයතනයකි. මෙකී විශ්වවිද්‍යාලයේ ආරම්භක අරමුණු පරයා ලාභ ඉපැයීමේ හෙවත් මුදල් ඉපැයීමේ අරමුණින් මේ වන විට විශ්වවිද්‍යාල පාලනාධිකාරය විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ ‘ජනරළ’ පසුගිය කලාපයක දී සාකච්ඡුා කර තිබුණි.
මෙහිදී අප අවධානයට යොමු කරන්නේ ඉන් ඔබ්බට ගිය පෞද්ගලිිකකරණ ඉලක්ක ගත මර්දන ක‍්‍රියාවලිය පිළිබඳවයි.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක් යනු විශ්වීය දැනුමක් කරා විද්‍යාර්ථීන් යොමු කිරීමේ ඉලක්ක ගත ක‍්‍රියාවලියකි. මෙහිදී වියානුබද්ධ මෙන්ම විෂය පරිබාහිර ක‍්‍රියාකාරකම් විශ්වවිද්‍යාලය තුළ සුවිශේෂී අවස්ථාවකි. උදාහරණයක් ලෙසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’, කැලණිය විශ්වවිද්‍යාලයේ ‘බිහිදොර අබියස’, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘වේදිකාවෙන් මහ පොළොවට’ වැනි ක‍්‍රියාකරකම් විෂයෙන් පරිබාහිර වූ අතිශය නිර්මාණශිලී හා දැවැන්ත ක‍්‍රියාකාරකම් ය. මෙමගින් විද්‍යාර්ථින්ගේ බාහිර පරිකල්පනයන් හා  කුසලතාවයන් දියුණු වූවා පමණක් නොව පොතින් ඔබ්බට සිතිය හැකි පුද්ගලයෙකු නිර්මාණය කිරීමට ඉතා මහඟු රුකුලක් විය.
නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ වත්මන් පරිපාලනය සිය විද්‍යාර්ථීන් ශිෂ්‍යයින් බවට පත් කොට විෂය පරිබාහිර සියලූ ක‍්‍රියාකාරකම් තහනම් කොට ඇත. මේ අනුව පසුගිය වසර කිහිපය පුරා ශිෂ්‍යයින් එක්ව සිදු කළ සියලූ කලා කටයුතු වෙනුවෙන්  තහනම් නියෝග ඉදිරිපත් කර ඇත. මෙයින් නොනැවතුනු වත්මන් උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරය විසින් ක‍්‍රීීඩා සංගමය ද තහනම් කර ඇත. එයින්ද නොනැවතී ක‍්‍රීඩා පිටිය විද්‍යාර්ථින්ට තහනම් කලාපයක් කර ඇත. මෙම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් ක‍්‍රීීඩා කළ සිසුන් 05 දෙනකු මේ වන විට පන්ති තහනම් කර ඇත. එපමණක් නොව, බෞද්ධ සංගමය ද තහනම් සංගමයක් ලෙස නම් කර ඇත.
අරුම පුදුම සිදුවීමක් වන්නේ වත්මන් උපකුලපතිවරයා විසින් මේ වන විට විවෘත විශ්වවිද්‍යාලය අධ්‍යයන කලාපයක් ලෙස නොව, උද්‍යානයක් බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලියයි. අඩු පහසුකම් සහිත විවෘත විශ්වවිද්‍යාල භූමියේ විද්‍යාර්ථින්ට අධ්‍යයන කටයුතු කිරීමේ ඉඩකඩ ඉතා සීමිත බැවින්, සිසුන් විසින් ලී උපයෝගී කර ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ තැනින් තැන ලී බංකු සකස් කර ඒවා පරිහරණය කරමින් තිබිණි. හදිසියේම ක‍්‍රියාත්මක වූ උපකුලපතිවරයා විසින් මෙකී ලී බංකු සියල්ල කඩා ඉවත් කර තිබුණේ එය විශ්වවිද්‍යාලයේ අලංකාරයට දැඩි හානියක් බව පවසමිනි. මේ අතර මෙවැනි කිසිදු ඉදි කිරීමක් නොකළ යුතු බවට තහනම් නියෝගයක් ද පනවා ඇත.
එපමණක් නොව මේ වන විට සවස 5 න් පසු විශ්වවිද්‍යාලය විද්‍යාර්ථින්ට තහනම් කලාපයකි. සවස 5න් පසු කිසිදු විද්‍යාර්ථියෙකු විශ්වවිද්‍යාල භූමියේ ගැවසීම තහනම් ය. විවෘත විශ්වවිද්‍යාලය නිර්මාණය කළේ රැුකියාවේ නියුතු උසස් අධ්‍යාපන අවස්ථාවන් කෙරෙහි යොමු වීමට අපේක්ෂිත අය වෙනුවෙනි. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවේ රැුකියාවේ නියුතු (සාමාන්‍ය* පුද්ගලයින්ට දහවල් කාලය තුළ අධ්‍යයන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නා වූ රැුකියා පිළිබඳ කිසිදු ඉඟියක් අප නොදනිමු. රැුකියාවේ නියුතු පුදගලයින් සිය අධ්‍යයන අවස්ථාවන් සපුරා ගනු ලබන්නේ රාත‍්‍රීී කාලයේදී ය. නමුත් රැුකියාවේ නියුතු පුද්ගලයින්ගේ අධ්‍යයන අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද විවෘත විශ්වවිද්‍යාලය වත්මන් උපකුලපතිවරයාගේ අමනෝ්්ඥ ක‍්‍රියා කලාපය හේතුවෙන් පත්ව ඇත්තේ ඉතා අවාසනාවත්ත තත්වයකටය. 
එපමණක් නොව, වත්මන් විද්‍යාර්ථින්ට හරි අපූරු නේවාසිකාගාර පහසුකමක් වත්මන් උපකුලපතිවරයා විසින් නිර්මාණය කර ඇත. එනම් යම් විද්‍යාර්ථියෙකුට නේවාසිකාගාර පහසුකමක් අවශ්‍ය නම් ඔහු හෝ ඇය විසින් නේවාසිකාගාර පෙර ගෙවුම් කාඞ්පතක් ලබා ගත යුතුය. මෙම පෙර ගෙවුම් කාඞ්පත ඉදිරිපත් කර නේවාසිකාගාර පහසුකම් ලබා ගත හැකි අතර, එක් පෙර ගෙවුම් කාඞ්පතක් මාසයකට සීමා වේ. අදාළ මාසය තුළ නේවාසිකාගාර පහසුකම් ලබා ගත්ත ද, නොගත්ත ද ඊළඟ මාසයේදී තවත් පෙරගෙවුම් කාඞ්පතක් ලබා ගත යුතුය. මෙම කාඞ් පතෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය අන් සතු කළ නොහැකි වීමයි. 
මෙසේ සියල්ල මුදලට සීමා කොට, ඉන් නොනැවතී අධ්‍යයන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරනා වත්මන් විවෘත විශ්වවිද්‍යාලය විෂය පරාබාහිර සියලූ ක‍්‍රියාකාරකම් සඳහා තහනම් නියෝග දක්වමින් මේ ගෙන යන්නේ අන් කිසිදු ඉලක්කයක් කරා නොව, රාජපක්ෂ පවුලේ තියරිය වූ අධ්‍යාපනයත් මුදලටම යන ඉලක්කය කරා බව නොරහසකි.
එතකුදු නොව, වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක නොමැති අසීමිත බලතලයක් වත්මන් උපකුලතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත පවරා ඇත. මේ අනුව විද්‍යාර්ථින්ගේ විනය විරෝධී කටයුතු වළක්වාලීමෙන් ඔබ්බට ගොස් වත්මන් ආරක්ෂක අංශ වෙත විද්‍යාර්ථින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලතල ද ලබා දී ඇත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක විනය ක‍්‍රියාමාර්ග ගත හැක්කේ ඒ සඳහා බලය ලත් මණ්ඩලයකට වන අතර, ඒ වෙනුවෙන් ශිෂ්‍ය උපදේශකවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයකට පැවරීම සාමාන්‍ය ක‍්‍රමයයි. 
නමුත් විවෘත විශ්වවිද්‍යාලය තුළ විනය ක‍්‍රියාමාර්ග ගැනීමට ඒ සඳහා කිසිදු සුදුසුකමක් හෝ බලයක් නොමැති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ක‍්‍රියාත්මක වන්නේ වත්මන් උපකුලපතිවරයාගෙන් ලැබූ වාචික අවසරය පරිදිය. මේ අනුව විවෘත විශ්වවිද්‍යාලයේ විනය පාලනය අත්තනෝ්්මතික වී ඇති අතර, විද්‍යාර්ථීන්ගේ ක‍්‍රියාකාරකම් සීමා කළ යුත්තේ කොයි ආකාරයට ද යන්න තීරණය කිරීමේ බලතල මේ වන විට ආරක්ෂක අංශ වෙත පැවරීම ඉතා ඛේදනීය තත්වයකි.
කෙසේ වෙතත් 2012 වර්ෂයෙන් පසු මේ වන තෙක් කිසිදු විෂය බාහිර ක‍්‍රියාකාරකමක් සිදු නොවී ඇති විවෘත විශ්වවිද්‍යාලය තුළ ඉතා දැඩි ශිෂ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක වේ. ඒ අනුව ඉතා සරල හා සියුම් කරුණු සම්බන්ධයෙන් පවා දැඩි තීන්දු තීරණ ගැනෙන අතර, ක‍්‍රීඩා පිටිය භාවිත කිරීම නිසාවෙන් ශිෂ්‍ය භාවය අහෝසි වන මට්ටමේ දුර්දාන්ත තත්වයකට පත්ව ඇත.
හොඳම දේ දරුවන්ට යැයි ලෙනින් වරක් පැවසුවේ, සමාජයේ මූලික අවශ්‍යතාවන්ගෙන් ද ඉතා ප‍්‍රමුඛ කරුණක් ලෙස අධ්‍යාපනය සැලකිය යුතු බැවිනි. නමුත් වත්මන් පාලකයන් විසින් දිගින් දිගටම ශිෂ්‍ය මර්දනය ඇතුළු දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් මේ සිදු කරමින් යන්නේ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සියල්ල මුදල ඉලක්ක කර ගත් ක‍්‍රියාවලියක් බව පසක් කරමිනි. 
පාසල් පද්ධතිය හා සමස්ත අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලියේ මීළඟ ගොදුර වී ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයයි. ආරම්භක අරමුණු ඉවතලමින් දැඩි ශිෂ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක කරමින් වත්මන් උපකුලපතිවරයා ඇතුළු සමස්ත පාලනාධිකාරයේ මෙකී ක‍්‍රියාවලියට එරෙහිවිය යුතුය. ඒ ඔබේ, මගේ අයිතීන් වෙනුවෙන්ම නොව, අනාගතයේ අයිතීන් වෙනුවෙනි.

No comments:

Post a Comment