Friday, August 1, 2014

විවෘතයේ හෙට සහ අපි ?



දශක 3 කට අධික කාලයක් තිස්සේ ‍ශ්‍රී ලංකේය උසස් අධ්‍යාපන ක්ෂ්ත්‍රයේ විශාල කාර්යය භාරයක් ඉටු කරන විවෘත සරසවි මෑනියත්, අප වන් සිහින මග හැරුණු දහස් සංක්‍යාත ශිෂ්‍යයන්ගේ සිහිනය මල් ඵල ගන්වමින් විරාජමානව වැඩ සිටිනු දැකිය හැකි වීමු.
                     සරසවි තුල අප විදි නිදහස, සෟන්දර්යය අද වන විට අහොසි වී ඇති අතර , අප විදි නිදහස් අධ්‍යාපනය අනාගත පරපුරට අහිමි වෙමින් පවතී .නැවත අත්තනෝමතික ලෙස ගාස්තු ඉහල නංවා ඇත.ඉතාම සහන දායි ගාස්තු ක්‍රමයක් යටතේ අධ්‍යාපනය,ලැබීමෙ අවකායශය පසුගිය දශක කිහිපයම විවෘත විශ්ව විද්‍යාලය අප සමාජයට උරුම කර දී තිබිණි .
               නමුදු ඉතා අවාසනාවන්ත අයුරින් විවෘතයේ පරිපාලනය හැගීම් දැනීම් නොමැති ධනවාදී රාමුවකින් ලෝකය දකින පිරිසක් අතට පත් වී ඇත.ඔවුන් තමන්ගේම පැලන්තියට වෛරකරමින්,ඔවුන් වටා සිටින්නාවු ධනවාදී පරම්පරාවකගේ මනදොල සපුරමින් සිටී.
               එහි මූලික පියවරලෙස 2013/14 අධ්‍යයන වර්ෂය ආරම්භයේදී අධ්‍යාපන ගාස්තු 40% කින් පමණ ඉහල නංවන ලදී. ඔවුන්ගේ අර්ථ දැක්වීම් අනුව එය එතැනින් නිමවිය යුතුව තිබූ නමුදු මේ වන විට නැවතත් අධ්‍යයන ගාස්තු 50% ක් පමණ ප්‍රමාණයකින් ඉහල නංවා ඇත. එම ගාස්තු සංශෝධන සිදු කිරීමට පීඨ මණ්ඩල පවා විරෝධය දක්වා ඇති වටපිටාවක විශ්ව විද්‍යාල පරිපාලනයට ගාස්තු ඉහල නංවා ඇතේ එම විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරමින් සිසුන් වෙත ඇති පහසුකරමින් මේ අරඹන නාටකය විවෘතය අතයටින් විකිණීම බව අපි තේරුම් ගත යුතු වෙමු.
                 ලෝකයේ හොදින්ම විකිණෙන වෙළෙඳ භාණ්ඩය බවට අධ්‍යාපනය පත් වනවට පිටාවක මොවුන්ගේ බලාපොරොත්තුව මෙය විකිණා ලාභ ලබන්නටය.උසස් අධ්‍යාපන ආයතනයක් මිස ලාභ ලැබිය යුතු මාළු කඩයක් නොවන බව මොවුන් තේරුම් නොගනී.එහි මුලික අඩිතාලම දැමීමට නම් ඔවුන්ගේ අභිප්‍රායන්ට එරෙහි වන ශිෂ්‍යයන් ඉවත් කල යුතුය . ඒ වෙනුවෙන් මේ පරිපාලනය වසර ගණනාවක සිට වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී, ඒ අතර

> සිසුන් අධ්‍යයන කටයුතු සිදුකරන බංකු කඩා ඉවත් කිරීම.

> පුස්තකාල, පරිඝණක විද්‍යාගාර පහසුකම් සිමා කිරීම.
> විශ්ව විද්‍යාල භූමිය විටෙන් විට ශිෂ්‍යන්ට තහනම් කලාපයක් කිරීම.
> සිසුන් ඒක රාශී වන සෞන්දර්යාත්මක , ආගමික හා සාමාජීය කට යුතු තහනම් කීරීම.
> නේවාසිකාගාර ගාස්තු ඉහල නැංවීම හා දින ගණන වසරකට දින 30 ක් බවට කප්පාදු කිරීම.
> පරිපාලනයේ තීරණ වෙත විරෝධය දක්වන ශිෂ්‍යයන් ඉවක් බවක් නොමැතිව මර්ධනය කිරීම(මේ වන විට විශාල සිසුන් පිරිසකට කිසිදු හේතුවක් නොදක්වා විශ්ව විද්‍යාල භූමිය තහනම් කිරීම හා සීමා කිරීම කර ඇත)
> මහා ශිෂ්‍ය සංගමය,පීඨ ශිෂ්‍ය සංගම් ඇතුලු සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කිරීම(මහා ශිෂ්‍ය සංගමය තහනම් කර මේ වන විට වසර 1 ½ ක් පමණ වේ )
> අධ්‍යයන ගැටලු නිරාකරණයට තිබූ එකම මාර්‍ගය වන පීඨ මණ්ඩල ශිෂ්‍ය සහාභාගීත්වය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම(ලෝකයේ කිසිදු විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය සහභාගිත්වයකින් තොරව පීඨ මණ්ඩල රුස්වීම් හෝ තීරණ ගැනීම සිදු නොකරයි)

                 ඉහත සදහන් කරන්නටයෙදුනේ විශ්ව විද්‍යාල පරිපාලනය සිදුකරන්නට යෙදුනු අයථා ක්‍රියාවන් වලින් අතලොස්සක් පමණි. මේ සියලු කෙනෙහිලි කම් හමුවේ අපි , සියලු වරප්‍රසාද අහිමි වූ අනාගතය,පිළිබඳ බලාපොරොත්තු රහිත වූ ,නිවට නියාලු පරපුරක් ලෙස නිද්‍රාවට පත් වී සිටින යුතු වෙමුද? එය මේ සරසවිය මාතාව ඇගේ සෙවනේ වූ දරුවන්ගෙන් බලපොරොත්තු නොවනු ඇත. ඇයගේ ගෞරවය රැකීමට අවැසි වූ සිසුන් විටෙන් විට නැගී සිටීමට උත්සාහ කල අවස්ථා කිහිපයක් අපි දුටිමි. නමුදු අපගේ වූ මතවාදී නොගාලපීම් හා ආත්මාර්ථයන් හමුවේ ඒ සියලු උත්සායන් නිහඩ අදෝනාවන් බවට පත් විනි. ඊට හේතුවක් අපගේ සිසුන්ගේ අසංවේදීභාවය බව අපි විශ්වාස කරමු.
                  දයාබර සරසවි සොයුරු,සොයුරියනි,මේ නැවත නැගී සිටින්නට හොදම කාලයයි. අද දිනයේ නොගිටින්නේ නම් අනාගතයේ කිසිදු නැගටීමක් සිදු නොවනු ඇත. අනගතය අපට ශාප කරනු ඇත.විවෘත සරසවි මාතාවගේ සුජාත දරුවන් ලෙසින් අධ්‍යාපනයේ අසීමිත අයිතිය අනාගත පරම්පරාවක් උදෙසා රැකගැනීමේ පැහැර හැරිය නොහැකි වගකීම අපගේ උරමත පැටවී අත්තෙමු. ඒ වෙනුවන් නැගී සිටිමු, පෙල ගැසෙමු, විවෘතය සුරකිමු. 
   නිදහස් අධ්‍යාපනය සුරකිමු!
   
   විවෘත සරසවි මාතාවට සදා ජය!

2 comments:

  1. aththa. 2nd sem fees gewaaganna baruwa kochchara kattiya innawada. kaalakanni.

    ReplyDelete
  2. word verification remove karanawanam hodai :D

    ReplyDelete